Chapter 12💖

39 10 6
                                    

නිදාගෙන ඉන්න එයා දිහා බලන් මම එයාට කතා කරලා එයාට නොදැනෙන්න ඒ නළල උඩින් පොඩි හාදුවක් තියලා එයාව මගේ ඇස් ඉස්සරහම ඉන්න විදියට ඇඳේ අනිත් පැත්තෙන් ඇල උනේ මුලු රෑ පුරාම මගේ පුංචි දේවදූතයගේ ලස්සන මූන දිහා බලාගෙන ඉන්න හිතාගෙන...

**********************************

එයා ඇහැ ඇරෙන්න කලියෙන් මම ඇහැ ඇරුණා..රෑ එයා මගේ එහා පැත්තෙ උනාට උදේ වෙනකොට කොල්ලගේ අතපය වලින් බාගයක්ම මගේ ඇඟ උඩ..

එයාව ඇහැ ඇරෙන්නෙ නැති වෙන විදියට මම එයාගේ අත පය මගේ ඇඟ උඩින් අයින් කරලා ලෑස්ති වුනේ පොඩ්ඩක් එලියට යන්න..මට තවත් එයාට කරදර කර කර මෙතන ඉන්න බෑ කියලා හිතුනා..මම නිසා එයාට හරි නින්දක්වත් නෑ...

අනික මම මහ රෑ එනවා යනවා..මේ මිනිස්සුන්ට ඒක මහ කරදරයක්...මම ආස නෑ තව කාටවත් කරදරයක් වෙන්න...ඒ නිසා මම මගේ යාලුවව හම්බ වෙලා මට නවතින්න තියන තැන ඉක්මනට ගන්න පුලුවන්ද කියලා බැලුවේ..යන්තම් තව දවස් දෙකකින් මට තැන දෙන්න කොල්ලව එකඟ කර ගන්න මට පුලුවන් උනා...

මම එනකොට දවල් වෙලා...ඒ එනකොට එයා ගෙදර නෑ..යුනි ගිහින්...මටත් ආපු ගමන්ම කාමරේට යන්න කම්මැලි නිසා එයාගේ අම්මත් එක්ක චුට්ටක් කතා කරලා දවල් කෑමත් කාලම උඩට ගියේ ආයෙමත් වැඩට යන්න ලේස්ති වෙන්න..

මගේ රස්සාව ඔහොම තමයි...වෙලාවක් කලාවක් නෑ...දොස්තර කෙනෙක් වෙනවා කියන්නෙම තමන්ගේ ජීවිතේ අනිත් අය වෙනුවෙන් කැප කරපු උතුම් ජීවිතයක් කියන එක..වෛද්‍ය වෘත්තියේ ගෞරවය රැකෙන විදියට වැඩ කරන්න මම නම් හැම වෙලාවකම උත්සාහ කරනවා... මොකද මම මේ තත්වෙට පත් කරන්න මේ රටේ ජනතාව ලොකු වියදමක් දරලා තියෙනවා..ඉතින් මම මගේ සේවය හරියට කරලා ඒ ණය ගෙවලා දාන්න ඕන...

වැඩ එක්ක බිසී වෙද්දි කාලේ යනවා දැනෙන්නෙත් නෑ...නොදැනිම මට අපාර්ට්මන්ට් එකට යන්න වෙන දවසත් ඇවිත්...මේ දවස් දෙකත් මම හිත හදාගෙන එයා එක්ක එකම කාමරේ ගෙව්වා...

හැබැයි විශේෂම දේ කියන්නේ එයා මේ දවස් දෙකේ හීනෙන් බය වුනේ නැති එක...එයා සැපට නිදා ගත්තා...ඒ වගේම එයා මාත් එක්ක එක ඇඳේ ඉන්න ලොකු අකමැත්තක් පෙන්නුවෙත් නෑ...මම දන්නෙ නෑ ඒ ඇයි කියන්න...හැබැයි අපි අතර  ලොකු ගනුදෙනුවක් නම් තිබුණේ නෑ...

We met again (Yizhan ff💯✅)Where stories live. Discover now