Chapter 11💖

86 14 9
                                    

එයා මොනවට හරි හොඳටම බය වෙලා වගේ පේන්නෙ...දාඩියත් දාලා පෙඟෙන්නම...ඇඳන් ගිටපු ඇඳුම ඇඟට ඇලෙන තරමටම එයාට දාඩිය දාලා...මම ෆෑන් එක දාලා ඇවිත් එයාට ආයෙමත් කතා කලේ කෝකටත් එයාව එකපාරක් ඇහැ ඇරවලා එයාගේ බය නැති කරවලම ආයෙමත් නිදි කරවන එක හොඳ නිසා...

එත් ඒ වෙලාවේ එයා කියපු දේ වගේම කරපු දේ මාව ගල් කරලා දැම්මා...මගේ හිතේ තිබුණ එක සැකයක් තවත් ත්‍රීවූ කරන්න එයාගේ කටින් පිට වුන දේ සමත් උනා...

******************************

Leo...එයා කිව්වේ , Leo... කියලා...එහෙම කියලා මාව බදා ගත්ත එයා හේතුවක් නැතුවම අඬන්න පටන් ගත්තේ මගේ පපුවට තුරුල් වෙලා...නූල් පොටක් නැති මගේ නිරුවත් පපුව උඩ එයාගේ සීතල කඳුලු බිංදු වැටිලා පහලට රූටගෙන යද්දි මගේ ඇඟේ හිරිහඩු පිපුනේ මේ අනපේක්ෂිත අත්දැකීමට එකපාර මූන දීගන්න බැරුව....

මාව නිකන් කරකවලා අතෑරියා වගේ එයා කිව්ව දේ එක්ක...මගේ හිතේ ලාවට වගේ පොඩි සැකයක් තිබුණත් ඒක මෙච්චර ඉක්මනට එලියට ඒවි කියලා මම හිතුවේ නෑ...අනික ඒක මගේ හිතේ තිබුණ නිකන්ම නිකන් සැකයක් විතරයි...

ඔව්, මම මෙහෙට ආවේ අහම්බෙකින් නෙවෙයි...මම මෙහෙට ආවේ මගේ හිතේ ඇති වුන එක සැකයක් නිරාකරණය කර ගන්න...ඒ මතක ඇති උනේ මීට අවුරුදු ගානකට කලින් උනත්, ඒක ආයෙමත් මගේ හිතේ වැඩි වැඩියෙන් හොල්මන් කරන්න ගත්තෙ මීට අවුරුදු තුනකට කලින් මං දැකපු පින්තූරේ නිසා....

Three years ago...

ජියේ, තමුසේ මොකෝ නිකං තනියම හිනා වෙන්නේ?

ම්ම්...මොකක්...මේ මං?

නැතුව ඉතින් මේ මමද?

අනේ යනවා යන්න ඩිඩී..තමුසෙට පිස්සු... 

මේ මේ...මට නිකං බොරුව නොදා ඉන්නවා හලෝ...තමුසේ මට හැංගුවට වැඩක් නෑ..මම ඔක්කොම දන්නවා...

ම්..මොක...මොනවා ගැනද ඔයා දන්නේ ඩිඩී...?

අහ්, ඒ කියන්නේ මොනවා හරි තියෙනවා නේ දැන ගන්න....

ඒයී මෝඩයා, ඔහොම ඉන්නවා මම තමුසෙව ඉතුරු කරන්නෙ නෑ...

ආව්...

We met again (Yizhan ff💯✅)Where stories live. Discover now