🌹 පනස්වන දිගහැරුම 🌹

633 122 95
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

අනේ මමා.. මේක හීනයක්ද අනේ.. ඇත්තටම ඔයා ඇවිල්ලද...

මන් ආවා චූටී පුතේ...

හොද නින්දකට පස්සෙ අවදි උනා විතරයි.. ඇස් ඇරපු ගමන්ම ශාන්ට පෙනුනෙ එයා ඉස්සරහා වාඩි වෙලා පුංචි පැටියට සුදු පාටින් ලස්සන සැහැල්ලු සූට් එකක් අන්දවන ගුමීව..

කොහොම විස්වාස කරන්නද.. මේ ඉන්නෙ එයාමයි කියලා.. ඒකයි යීබෝගෙ ගෙදර..

අපේ චූටී කොල්ලා චූ මලකුත් හෝස් ගාලා විදලා අවදි උනානෙ ඉතින්.. අපි ඉතින් අලුත් සූට් අන්දලා ලෑස්ති කරවන්නනෙ ගියේ නේද මගේ මැණික.. ආච්චි අම්මි ශෝක්ද කියන්න බලන්න.. ම්... ම්...

අනේ.. ශාන් ඉක්මනින් නැගිටලා ගුමීගෙ ඇගට හේත්තු උනා.. චූටී කලිසම් පොඩ්ඩකට මල්පීස් රෙද්දෙන් මහපු පුංචි කමිස කොටයක්.. අනේ... පැම්පස් එකක් අන්දවලා නිසා පැටියගෙ යට කොටස බෝලේ වගේ පිම්බිලා ගිහිල්ලා...

මමා....

ම්....

අලුතින්ම ගෙනාව ඇදුම් මෙහෙම ඇන්දුවට කමක් නැද්ද මමා...

අලුත් පැටියෙක්.. මාස දෙකාමාරක් කියන්නෙ ඉතින් ලොකු වයසක්ද.. පුංචි ළමයින්ට හරියට පුංචි පුංචි දේවල් වලින් විසබීජ යන්න පුලුවන්.. ඒක ශාන් අහලා තියෙනවා..

ඔයා හිතනවද මගෙ චූටී පුතේ මන් ඔයාගෙ දරුපැටියට එහෙම ඇදුම් අන්දවයි කියලා...

අනේ නෑ මමා.. මන් දන්නෙ නැති නිසා ඇහුවෙ...

මගේ මෝඩ කොල්ලා.. සෝදලා මැදලා ඇන්දුවෙ මැණික. වේලන්න වෙලාවක් තිබුනෙ නෑනේ.. අනිත් ඇදුම් ටික නම් වේලෙන්න දැම්මා...

ආ...

ශාන් ලොකූ ඈනුමකුත් ඇරලා බැලුවෙ ඔරලෝසුව දිහා. ෆුහ් හවස හතරයි දහයයි.. ශාන් එසේ මෙසේ නින්දක් නෙවෙයි නිදියලා තියෙන්නෙ...

අද නෙවෙයි අපි දවස් දෙක තුනකින් කොලු පැටියට වලලු ටිකක් දාමු...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now