🌹 හතලිස් අටවන දිගහැරුම 🌹

502 120 87
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

පපා....

ම්....

අපි දැන් මොකක්ද පපා කරන්නෙ...

තවමත් මැශින් කන්දරාවකට යට වෙලා ඉන්න පුංචි දරු පැටියෙක්ගෙ මවක්.. ඔව්.. කිසිම කෙනෙකුට ඒ ශරීරය දකින්න වත් යන්න විදියක් නෑ.. කාටවත් යන්න දෙන්නෙ නෑ.. මුලු පිට පැත්තම එක වගේ පිච්චිලා විනාස වෙලා තියෙන ඒ වේදනාබර ගෑනූ මනුස්සයා රෝහලට අරගෙන එන මග තොටේදිමයි දෑස් වසා ගත්තේ..

සමහරවිට වේදනාව දරාගන්නම බැරි තැන වෙන්න ඇති....

ඔහේ පුටුවක් උඩට වෙලා කොහේටවත් නොයා අනේ කොයි වෙලාවක හරි දැන් එයා නෝමල්.. එයාට හොද වෙයි කියලා දොස්තර මහත්තයෙක් ඇවිත් කියාවි කියලා වන්ග් මග බලාගෙන උන්නා...

ම...ට්ට..  දරා....ග.න්න... බෑහ්.....

මාව . මැ.. ර්...රෙයි.... මා..මේහ්....

ඇම්බියුලස් එක පුරාම දෝංකාර දුන්න ඒ වේදනාත්මක අදෝනාව වන්ග් ගෙ කන් වල තාමත් රැව් පිලිරැව් දෙනවා...

අම්මා වේදනාවෙන් අඩද්දි පුංචි එකා මර ලතෝනී තිබ්බෙ බඩගින්නේ..  වෙච්චි දේවල් එක්ක ඒ පැටියා උන්නෙත් තදබල අපහසුතාවයට පත් වෙලා....

නාඩා ඉන්න.. නාඩා ඉන්න මගේ පුතා..

වේගෙන් යන ඇම්බියුලස් එක පුරාම අම්මෙක්ගේ වේදනාව වගේම පුංචි දරුවෙක්ගේ බඩගින්න.. ඒ වගේම ශාන්ගේ හඩත් නිතරම ඇහෙන්න පටන් අරන් තිබ්බේ....

මා...ම්ම්ම්මේ.....

ඇම්බියුලස් එකෙ කොණකට වෙලා ශාන් පුංචි පැටියා එක්ක ඔට්ටු වෙද්දි ශාන්ගේ ඇස් තිබ්බෙත් වේදනාවෙන් කෙදිරිගාන.. කෑ ගහන ඒ අහිංසක රූපේ ලග...

කිසි හැල හොල්මනක් නැතුව ඉන්න නැනී නැන්දා මේ වෙද්දිත් යන්න ගිහින් ඉන්නෙ කියලා ඇම්බියුලස් හෙදිය කියද්දි ශාන් වන්ග් විතරක් නෙවෙයි තනියට එක්ක ආව ගෑනු මනුස්සයත් ලතෝනි තිබ්බා...

කාටවත් වරදක් නැති අහිංසක මිනිස්සු..  ඇයි මෙහෙම අපරාධයක් සිද්ද උනේ....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now