🌹 හතලිස් හත්වන දිගහැරුම 🌹

509 124 57
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

අන්දකාරය... රාත්‍රි අන්දකාරය.. පෝය කිට්ටු නිසා පූර්ණ නොවුනත් හරි අපූරුවට පායලා තියෙන සද..  ම්.. අන්දකාරය නැති වෙලා ගියේම ලස්සනට පායපු හඳ නිසාමයි..

එකින් එක නිවෙස් වල විදුලි ලාම්පු එළි නිවීයන්න පටන් ගත්තා.. දවසෙ ගතේ මහන්සිය අවසන් කරන්නට සිතාගෙන හැම කෙනෙක්ම නින්දට යන වෙලාව උදා උනා.. ඉතින් නිවෙස් වල දල්වපු විදුලි පහන් නිවිලා යද්දී.. එක්තරා ආකාරයක විදුලි ලාම්පු දෙකක් දැල්වෙන්න පටන් ගත්තා...

වරෙල්ලා.. ඉක්මන් කරපල්ලා...

ඒ විදුලි ආලෝකයක් දල්වා ගත්ත පුද්ගලයෙක් එය ඉදිරියෙන් රැගෙන යද්දි ඒ පිටුපසින් තවත් රෑනක්ම ගමන් ගන්න පටන් ගත්තේ අතට උස්ස ගන්න බැරි තරම් බරින් යුත් පෙට්‍රල් කෑන් කීපයක්ද රැගෙන...

ඉක්මනින් ඉක්මනින් හලපල්ලා.. හැම තැනකටම...

ම්...

ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වුන පිරිසක්.. අතට බරට ඔසවාගෙන ආ පෙට්‍රල් කෑන් සියල්ලම හතර අතේ ඉහින්න පටන් ගත්තේ වැඩි වෙලාවක් එවුන්ට නාස්ති කරන්න බැරි නිසා....

විනාඩි කීපයක් ගත වෙන්න ඇති... විදුලි ආලෝක පහන් දෙකම නිවී යන්න පටන් ගද්දි එක්වරම හෝස් ගා මහ හඩින් ගිනි ඇවිලෙන්නට පටන් ගත්තේ හෙට උදෑසන කප්පාදු කිරිමට නියමිත වන්ග් යීබෝගේ කුරුදු හේනයි.....

යමන්ලා යමන්ලා ඉක්මනින්...

මෙච්චර වෙලාවක් පාර අයිනෙ නවත්තලා තිබ්බ එක් කලු පැහැ ජීප් රථයකට අපරාධකාරයෝ ඔක්කොම නැගලා පලා යන්න සූදානම් වුනා.. තව රැදෙන්න බෑ.. කුරුදු හේන එකම ගිනි ජාලාවක් වෙලා අවසානයි...

බොස් වැඩේ හරි...

පලයල්ලා.. පලයල්ලා තොපි ඔතන ඉන්න එපා...

ඕකේ බොස්....

තවත් රැදීමේ කොහොමත් ඵලක් නැති වෙද්දී ඔවුන් හැකි ඉක්මනින් පිටත් වෙලා යද්දි කුවාන්ගේ පළමු සැලසුම අති සාර්ථක වෙලා තියෙද්දි කුවාන් සිගරැට් එකක් දල්වා ගෙන කුරිරු හිනාවකින් බර උනේ වලව්වෙ තියෙන පැද්දෙන පුටුවට...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Donde viven las historias. Descúbrelo ahora