සයවන ගෙතුම 💛

79 16 8
                                    

'මා ඔබව සෑම තැනකම සොයන්නට වූවා..කුමක්ද මෙහි කරනුයේ ටන්ග් සන්..?'

ශිචෙන්ගේ හඩ හේතුවෙන් තම මෑණියන්ගේ අනුස්මරණ කුටිය ඉදිරියේ හිදගෙන සිටි කුමරු හිස හරවා බලා නැගී සිටින්නට උනේ නැවතත් අනුස්මරණ කුටියට ආචාර කිරීමෙන් පසුව....කුමරුන්ගේ දෑස් රත් පැහැ වී ගොස් මුහුණ මැලවී ගොස් තිබූයේ ශිචෙන් සුසුමක් හෙලමින් අනුස්මරණ කුටියෙන් පිටතට පිය නගද්දී..කුමරුන්ද ඔහු පසුපසින් අඩි තබන්නට උනේ කිසිදු අරමුණක් නොමැතිව..

'සවස් යාමය උදාවෙලා..ඔබ වෙනදා මෙන් මාලිගයෙන් පිටතට පැමිණියේ නොමැති නිසයි මා ඔබව සොයා පැමිණියේ..?'

'මාලිගයෙන් පිටතට යෑමට මා හට ඉඩක් නැහැ ශිචෙන්...'

කුමරුන්වද කැදවාගෙන මාලිගයේ සදලුතලයට ගමන් ගන්නා අතරතුර කුමරුන් පවසද්දී ශිචෙන් පුදුමයෙන් හිස හරවා ඔහු දෙස බලන්නට උනා..

'මුසාවක්ද එය?'

'මෙවැනි අවස්ථාවක මා මුසා පවසාවියැයි ඔබ සිතනවාද...එය නොවේ.. ශී යුන්ට කෙසේද...?'

'ඔහු දිවා කාලයේ මා හමුවීමට පැමිණියා..නමුත් ඔහුගේ පසුපසින් අමාත්‍ය ෂෙන් ෆෙයිගේ ඔත්තුකරුවන් ⁣පැමිණෙන බව මා දුටුවා..ඔහු ඒ පිලිබදව නොදැනුවත්...'

'ඔහු කුමක්ද පවසන්නේ?'

'ඔහුට ඔබව හමුවීමට අවශ්‍යයි...මා පැවසුවා එය ඔබට දැනුම් දෙන්නම් කියා..මා දන්නේ නැහැ කුමක් කල යුතුද කියා ටන්ග් සන්..ඔබ මගේ කුඩා කල පටන් සගයා වුවද මා දන්නේ නැහැ ඔබගේ සිත සෑදීමට කුමක් කල යුතුද කියා..'

'මගේ සිත සෑදීමට නොහැකි ලෙස බිදී ගොස් අවසන් ශිචෙන්..එයට ඔබට කල හැකි යමක් නැහැ...'

'ඔබේ බිදුණු සිත සුවපත් කල හැක්කේද ශී යුන්ටම පමණයි..ඔබට ඔහුව හමුවීමට අවශ්‍ය නැතිද..?'

'ඔහුට මුහුණ දීමට මා හට ධෛර්යයක් නැහැ...මා නිසයි මේ සියල්ල..මා නිසයි ඔහු මෙතරම් දුක් විදිනුයේ...මා නිසයි ඔහුට ඔහු අකමැති අයෙකු සරණ පාවා ගැනීමට සිදු වනුයේ..'

'ඔබට වරද පටවාගැනීම නවත්වන්න ටන්ග් සන්..ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුවත් වරදක් කර නැහැ...'

You've reached the end of published parts.

⏰ Last updated: May 10 ⏰

Add this story to your Library to get notified about new parts!

It's Always You (Zhanyi Sinhala FF)Where stories live. Discover now