පළමු ගෙතුම 💛

401 45 32
                                    

'ටන්ග් සන්..මට ඔබ සමග ඉතා වැදගත් යමක් පිලිබදව කතිකා කිරීමට අවශ්‍යයි..'

'කුටිය තුලට පැමිණෙන්න ශිචෙන්...'

'හිදගන්න

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

'හිදගන්න..කිමද ඔබ කලබල වී සිටිනු⁣යේ?..'

'මෙය ශී යුන් හා ඔබ සම්බන්ධ ප්‍රශ්නයක් ටන්ග් සන්..'

'කුමක්ද සිදුවී තිබෙනුයේ..'

මිහිරි කුරුදු සුගන්ධයක් වහනය වන තේ බදුනක් ශිචෙන් වෙත පිළිගන්වමින් මින්ග්  අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරු වන ටන්ග් සන් සන්සුන්ව අසන්නට උනේ තම කුඩා කල පටන් මිතුරා වූ ශිචෙන්ගෙන්...

'ඔබ කලබල නොවන බවට දිවුරන්න..'

'එසේයි..පවසන්න..'

'ඔබ හා ශී යුන් අතර තිබෙන සම්බන්ධය පිලිබදව රාජ්‍යය පුරාම කටකතා පැතිරී තිබෙනවා...එය රාජ්‍යයට පමණක් සීමා වී නැති හැඩයි..නගරවාසීන් සියලු දෙනාමද මේ පිලිබදව දැනුවත්..'

'එය කෙසේද හෙලිවූයේ...'

'මා ඒ පිලිබදව නම් දැනුවත් නැහැ ටන්ග් සන්...එය තවමත් කට කතාවක් පමණයි.. වාසනාවකට මෙන් තවමත් කිසිවෙකුත් එය විශ්වාස කිරීමට පෙළඹුනේ නැහැ...ඔබගේ යහපත් හැසිරීම පිලිබදව ඔවුන් දැනුවත් බැවින් කිසිවෙකුත් එම කටකතාව මත විශ්වාසය තබන්නේ නැහැ...'

'මා හට යුන්ව අහිමි කරගැනීමට නොහැකියි ශිචෙන්..මා ඔහුට බොහෝ සේ පෙම් කරනවා..'

'නමුත් මේ කටකතාව සත්‍යයක් යැයි මිනිසුන් දැනගත් දිනක...එවිට කුමක් සිදුවේවිද ⁣ටන්ග් සන්...'

'

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
It's Always You (Zhanyi Sinhala FF)Onde histórias criam vida. Descubra agora