Chapter 54

630 139 60
                                    


"මේ පේන්ටින් එක ටිකක් ඩිස්ටර්බින් වගේ නැද්ද සිත් බ්‍රදර්.. Look at this!! ඇයි මේ බබාව සේව් කරගන්නේ නැතුව මේ ඕල්ඩ් මෑන්ව සේව් කරන්නේ? මොකක්ද මේකේ තේරුම? නිව්සි වල ඉද්දිත් මම දැක්කා ඔයාගේ ස්ටඩී ටේබල් එකේ මේ පේන්ටින් එක තියෙනවා.. ඇයි මේ රූම් එකෙන් බාගයක් වැහෙන්නම මේක එල්ලන් ඉන්නේ? So disturbing"

මම නම නම හිටිය රෙදි ටික ඇද උඩ දාලා වෝල් එක ලගට ආවා.. ආයූ මූණත් එක්ක අමුතු කරගෙන මගේ රූම් එකේ තිබ්බ වෝල් ආර්ට් එක දිහා බලන් ඉන්න හැටි දැක්කම මට හිනත් ගියා..

"මේකට කියන්නේ Great flood art එක කියලා ආයූ.. මේ පේන්ටින් එකෙන් අදහස් කරන්නේ පෘථිවියෙන් මනුෂ්‍යත්වය අතුගෑම- i mean humanity එක නැති වෙන එක අවස්ථාවක්.. මේ ඉන්නේ Noah and his father.. people say the woman is his wife and the baby is his own kid.. මෙතන වෙන්නේ හරිම අමුතු සිද්දියක්.. නෝවා එයාගේ වයිෆ්වයි බබාවයි නොසලකා හැරලා එයාගේ තාත්තව බේරගන්න උත්සහා කරනවා..
මෙතන තාත්තා කියන්නේ අතීතයට, බිරිඳ කියන්නේ වර්තමානයට, එතකොට දරුවා කියන්නේ අනාගතයට.. ඒත් එයා උත්සහ කරන්නේ මොකටද? වර්තමානය, අනාගතය මගෑරලා අතීතයට ඇදිලා යන්න.. සරල සිතුවමක් උනාට මේක හරි ගැඹුරු- i mean deep meaning එකක් තියෙනවා..
මිනිස්සු අතීතයට ඕනවට වඩා ඇලුනොත් එයාට වර්තමානයත් අනාගතයත් දෙකම නැති වෙනවා ආයූ.. අපි දැනගෙන ඉන්න ඕනි සමහරක් දේවල් කොයි වෙලේද අල්ල ගන්න ඕනි කොයි වෙලේද අතහරින්න ඕනි කියලා.. අන්න එදාට පුළුවන් ජීවිතේ ගැන හරිම තීරණයක් ගන්න.. It can be selfish or whatever!!!"

"But why is it here? like why?".

"මේක දැන් මගේ ආසම පේන්ටින් එක නිසා.. මේක මගේ ජිවිත කතාව ආයූ.. කොහෙන් බැලුවත් මගේ කතාව මේක ඇතුලේ තියෙනවා.. Everyday lesson එකක් වගේ.. දවසකට එකවතාවක් හරි මේ පේන්ටින් එක බලන්න බැරි උනොත් මට අමුතු තිබහක් දැනෙනවා.. ඒ නිසයි වෝල් එකේ ලොකුවටම ඩිස්ප්ලේ වෙන්න එල්ල ගත්තේ"

"මට තේරේන්නෑ.. ලංකාවට ආවම ඔයා අමුතු වෙලා වගේ.. අනික නෝවා මෝඩයි නේද?"

"දන්නෑ.. සමහරක් විට එයාට හේතුවක් ඇති.. අපි හැමෝගෙම ජිවිත කතාව හරියටම දන්නෑනේ ආයූ.. එයා කාපු බත් පතකින්වත් කන්නේ නැතුව අපි කොහොමද එයාව ජජ් කරන්නේ? හැමදේටම රීසන් එකක් තියෙනවා ආයූ.. හැමදේම ඉබේට පහල වෙන්නෙත් නෑ හැමදේම ඉබේට වෙන්නෙත් නෑ.."

SITHTHARA | COMPLETEDWaar verhalen tot leven komen. Ontdek het nu