රත්නපුරය .. අන්තිමට මන් මට තහනම් උන නගරයට පය ගැහුවා ..

මඩුවන්වෙල මහවලව්ව ..

කාලයක් තිස්සෙ එන්න උවමනාව තිබුන තැනට එන්න ලැබුනට සතුටු වෙන්නද

මගේම අයියෙක් වගේ ලග හිටපු එකාගෙ මරණෙට දුක් වෙන්නද ..

මේ හැම දේම සිද්ද උනේ හරිම පොඩි කාලයක් ඇතුලත .. තාම හිතා ගන්නත් බැරි තරම් ..මට නම් හිතෙන්නෙම මේක හීනයක් කියලා ..

"අනේ මගෙ දරුවාට නැගිටින්න කියන්නකො පුතේ "

සාලෙ මැද තිබුන අයියගේ හැල හොල්මනක් නැති ශරිරය දිහා බලන් මම කල්පනාවට වැටෙනකොට නැන්දා ආයෙම විලාප තියන්න ගත්තෙ මගෙ උත්තරෙන් සෑහීමකට පත් වෙලාද කොහෙද ..

සුදු පාට ෆුල් සූට් එකක් ඇදගෙන කලු පාට බෝ එකක් දාලා අයියා වෙනසක් නැතුව අදත් හරි නිවිච්ච පාටයි ..

සියෙල් අයියගෙ දිහා ඇහි පිල්ලමක් වත් නොගහා බලන් ඉන්නවා ..

මූ අඩන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ .. ඔහේ ගල් ගිල්ලා වගේ  ඉන්නකොට අහක ඉන්න මට දරා ගන්න බෑ..
.
.
.

පැයක් විතර ඔහේ අයියා දිහා සියෙල් බලාගෙන හිටියා ..


"අයියෙ !! එන්නකො " මා ගාවට ආව චූටි හිමීට මුමුණලා මාවයි පොඩීවයි ඇතුලට එක්කරගෙන ගියා ..

"උබලා දෙන්නා මේකෙ "

අස් කරපු කාමරයක් අස්සට එක්ක ගිහින් කිව්වම මම ඌ දිහා බැලුවා ..

"එතකොට උඹ "

"මට කාමර වල ඉන්න වෙලාවක් නෑ ඕයි වැඩ තියනවා .. "

"එහෙම කොහොම ද ඕන තරම් වැඩ කරන උන් ඉන්නෙ .."

චූටි හුස්මක් පාත දාලා ඔලුව දෙපැත්තට වැනුවා ..

"හ්ම්ම් ..ලොකූ .. අමතක කරන්න එපා උබලා දෙන්නයි ..අර සාලේ නිදාගෙන ඉන්න එකයි විතරයි.මන් ගැන දන්නෙ  ..අනික් කවුරුත් දන්නේ නැහැ .. අනිත් එක තමයි උඹට මේ වලව්වෙ හිතුන හිතුන තැන ඇවිදින්න පුලුවන් වෙයි කියලා හිතනවා නම් ඒක හීනෙන් තමයි ..

වලව්ව ඇතුලෙ පරිස්සම් වෙයන් ..උබට හැමදේම ලේසියෙන්ම වෙනවා වගේ පෙනෙයි.. හැබැයි දැන්ටම ත් උබේ ඇගේ අලවලා වගේ ඇස් තියන් ඉන්න පිරිසක් ඉන්නවා ..කලබල වෙලා වැඩ අනාගන්න එපා .. උබ ආවේ අයියගෙ මළ ගෙදරටනේ .. ඒ විදිහට හිටපන් .. "

උරුමක්කාරයා Where stories live. Discover now