"සිත්රුක අයියා යනවද?"

මම බෙල්ල වටේ දාගෙන හිටිය ටැග් එකත් ගලවගෙන හෝල් එකෙන් එලියට ඇවිත් ගවේෂ් අයියා ඉන්නවද බලන්න වටපිට බල බල ඉන්නකොට දක්ෂි මාව දැකලා දුවගෙන ඇවිත් උඩ පැන පැන කතා කරා.. මම එයාට පේන්නේ නැතුව ඇස් දෙකත් රෝල් කරලා වචනෙන් දෙකෙන් උත්තර දුන්නා.. මල වාතයක්නේ!

"ඔව් යනවා"

"හෙට එනවද සිත්රුක අයියා?"

"ඔව් එනවා"

"මාත් එනවා අපේ අයියා එක්කම"

"එන්න එපැයි"

"සිත්රුක අයියා ඔයත් අපේ අයියා වගේම-"

"මන් යනවා දක්ෂි මගේ අයියා ඇවිල්ලා"

ගවේෂ් අයියා ගේට් එක ලග සාක්කු දෙකටත් අත් දෙක දාගෙන මූණට හුලං පුම්බන් මාව හොයනවා.. ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ ඇකඩමිය ඉස්සරහා පිරිලා හිටිය නිසා එයාට මාව හොයාගන්න බැරුව හිටියේ.. මට ඒ මූණ දැක්කම ඉහේ මලක් පිපුණා වගේ.. උදේ ඉදලා ඔලුවේ තිබ්බ බර අයින් උනා තප්පරේට.. මම සයිඩ් බෑග් එකත් හරහට දාගෙන දක්ෂිට යන්නම් කියන්නෙත් නැතුව ජෙට් එක වගේ දුවගෙන ගිහින් එයාගේ ඇගේ හැප්පිලාම නැවතුනා.. ගවේෂ් අයියා හිනාවක් දාලා එයාව බැලන්ස් කරගෙන මාවත් වැටෙන්නේ නැති වෙන්න අල්ලගත්තා..

"මහන්සිද බබා"

"ම්හු... කෝ කාර් එක?"

"අහ්ම්.. මේ බබා මේ ඒක මේ.. සර්විස් දැම්මනේ"

"සර්විස් දැම්මා? ගිය මාසේ අන්තිම නේද ෆුල් සර්විස් කරේ"

"අහ් ඔව්.. ඒත් අද මේ පොඩි ලෙඩක් දැම්මානේ.. ඒ නිසා මේ පොඩ්ඩක් බලන්න සර්විස් දැම්මා.. ඒක පස්සේ ගන්න පුළුවන් බබා.. මහන්සි ඇති ඔයාට එන්නකෝ ටුක් එකක් දාලා යමූ"

ගවේෂ් අයියා අද හරි අමුතුයි.. මට හිතෙන්නෙම එයා කාර් එක ගැන කිව්වේ බොරුවක් කියලා.. එයාට බොරු කියන්න අමාරුයි.. එතකොට ගොත හැගෙනවා.. අද උදෙත් කාර් එක තිබ්බනේ හොදට ගහක් ගලක් වගේ.. කරදරයක් උනාද මන්දා.. ගෙදර ඇවිල්ලත් මම කිහිප පාරක්ම දැක්කා වෙනදට මගේ ඇගේ වෙලිලා විහිළු කර කර ඉන්න මනුස්සයා  කිචන් එකට රිංගගෙන කල්පනා කර කර ඉන්නවා.. මොකක් හරි තියෙනවා.. කියන්නෙත් නෑ.. ප්‍රශ්නයක් කියලා දැනුනත් මට ඒක හාර අවුස්සන්න හිත දුන්නේ නෑ.. බැරිම තැන කිචන් එකට ගිහින් මම සද්දෙට ග්ලාස් එකක් ටයිල් එකෙන්ත් තිබ්බා.. එයා ගැස්සිලා වගේ සිහියට ආවා..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now