සෙන්කොට්ටං

49 5 1
                                    

සෙන්කොට්ටං පාටක, රෙදි සෝඩා කලවම් වුණ තැම්බුණ රෙදි සුවඳක ආලය පා කර යැවූ පොඩිනාට........

නොකියාම ගිය ගමනක්......
තුරුළු කර පන් මල්ලක්.....
ඉවසාම උන් අට වසක්......
අවසන ලැබුනේද සැනසුමක්.....

අගු පිල කෙලවරක නුඹ වියූ පැදුරක්....
පෙත්තරේ ගල් දෙබොක්කාවක මහා රෙදි කන්දක්......
වෙල්ලා මඩුවේ සෙංකොට්ටං අහුරක්.....
නුඹ එනතුරු බලා හිටියා දෙදිනක්......

වේරහැර මූකලානක....
පසට යට කර මල කඳ.....
අතු අස්සේ රැඳි හැට්ට කෙටියක....
රැඳී ඇත තවම උඹෙ සුවඳ....

නුඹම පමණක් දන්න....
පෙම් කතාවක කෙළවර....
සසර අවසන දවසක......
හමුවියන් නුඹ පැතු ලෙස....

Mandy
2024.04.24

සෙන්කොට්ටං
Mahinda Prasad Masimbula

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Apr 24 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

පොතක් ගැන සටහනක් 📚 ✍️ Onde histórias criam vida. Descubra agora