Chapter 46

658 127 63
                                    

"Happy Birthday To you
Happy Birthday To you
Happy Birthday Dear pruthivi
Happy Birthday To you
Happy Birthday My love"

චූටිම චූටි බෙන්ටෝ කේක් එකක් අතේ තියාගෙන මගේ ඉස්සරහා හිටියේ ගවේෂ් අයියා.. එයා මේසන් බාස් කෙනෙක් වගේ රෝස මලකුත් කනේ ගහගෙන ඔලුව දෙපැත්තට වන වන පොඩි ළමයෙක් වගේ බර්ත්ඩේ විෂ් එක කියනකොට එකපාරම මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ වෙන්නේ කියලා.. මාව හොල්මන් වෙලා ඉන්නේ.. එයා අඩියක් ඉස්සරහට ඇවිත් එයාගේ තනි අතකින් මගේ ඔලුව අල්ලලා නලලින් චුටි හාද්දක් තිබ්බා..

"අද මගේ බර්ත්ඩේ එකද?"

"අමතක උනාද බබා"

මම ඉක්මනට ඇතුලට දුවගෙන ගිහින් ඇද උඩ දාලා තිබ්බ ෆෝන් එක අරගෙන බැලුවා.. ඔව් අද තමා!! පවිරුගෙමුයි ගෙම්බගෙමුයි හරියටම පාන්දර දොලහට බර්ත්ඩේ විශස් දෙකක් ඇවිල්ලා.. දැන් තුන හමාරයි වෙලාව.. මගේ අතින් ෆෝන් එකේ වයිබ්‍රේෂන් අයින් වෙලා තිබ්බ නිසා නිකමටවත් ඒක ගානක් ගියේ නෑ.. මම ඉන්නේ දැන් මේක මේ හිනයක්ද මන්දා වගේ මූඩ් එක්ක.. ඒ අතරේ ගවේෂ් අයියා තනි කකුලෙන් දොර වහලා ඇතුලට ආවා.. මට එයාට ඇතුලට එන්න කියන්නවත් සිහියක් නෑ..

"බබා එන්නකෝ"

මම ෆෝන් එක එහෙම්ම ඇද උඩට විසි කරලා දැම්මා.. ඒක බම්ප් වෙලා ගිහින් බිමට වැටුනා.. මම ඒක අතෑරලා දාලා ගිහින් ගවේෂ් අයියාගේ ඉස්සරහින් හිට ගත්තා.. බෙන්ටෝ කේක් එක මාරම ලස්සනයි.. රවුමට තිබ්බ කේක් එකේ පොඩි කොල්ලෙක්ගේ මූණ තව කොල්ලෙක් හපාගෙන ඉන්නවා වගේ ඇදලා.. කේක් එක පුරාම ගහලා තිබ්බ ඉටිපන්දම් එලියට එයාගේ ඇස් දෙක දිලිසෙනවා.. මට දැන් සතුටයි දුකයි මික්ස් වෙලා අමුතුම ෆීලින් එකක ඇවිත් කෑ ගහලා දුවන්න හිතිලා ඉන්නේ..

"දැන් හොද ළමයා වගේ ඇස් දෙක වහගෙන ප්‍රාර්ථනාවක් කරලා ඉටි පන්දම් නිවන්න"

එයා කේක් එකේ ඉටිපන්දම් ටික ඇස් වලින් පෙන්නලා මට ඒක ලං කරලා කියනකොට එයා කිව්වා වගේම මම ඇස් දෙක පියාගෙන පුංචි ප්‍රාර්ථනාවක් කරලා එක හුස්මට පිඹලා දැම්මා..

"Bless you my sweet angel"

එයා කනේ ගහගෙන හිටිය රෝස මල මැජික් ස්ටික් එකක් වගේ රවුමට කරකලා මට දුන්නා.. මම ඒක අත් දෙකෙන්ම අරගත්තා.. ඊට පසේ චූටි ස්පූන් එකක් අරන් කේක් කෑල්ලක් කඩලා අරන් මගේ කට ලගට ලං කරන කොට මෙච්චර වෙලා මම හිර කරගෙන හිටිය කදුලු කම්මුල් පල්ලේ වැක්කෙරෙන්න ගත්තා.. මට ඇඩෙනවා..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now