🌹 හතලිස් දෙවන දිගහැරුම 🌹

587 120 73
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

කොතරම් වෙලාවක් ගත උනාද මන්දා.. ශාන් ඇදේ එහාටයි මෙහාටයි පෙරලුනේ නින්ද කියන දේ අහලක වත් නැති නිසා..

මේ තරම්ම පපුව රිදෙන්නෙ ඇයි.. තමන්ට සුපුරුදු උනුහුම නොලැබෙන නිසාද.. ශාන් මෙහේ ආවත් හරි උන්නෙම යීබෝගේ තුරුලෙනේ.. ඒ තුරුල නැතුව පාලුවේද..  නැතිනම් තමන් එතරම්ම ආදරේ කරන තමගෙ පපා ඒ විදියට දෙයක් කිව්ව නිසාද...

ඒත් එයා නරකක් නෙවෙයි නේද ඒ කිව්වේ.. තාත්තා කෙනෙක් විදියට එයා යීබෝ ගැන කොච්චර හිතනවද.. ඒ නිසා නේද එයා එහෙන කියන්න ඇත්තෙ... ඒකෙ වරදක් නෑ...

පපා නෙවෙයිද දන්නෙ එයා යීබෝව උස් මහත් කරන්න වෙච්චි මහන්සිය.. තමන්ගෙ කියලා කිසිම කෙනෙක් නැතුව.. පොඩි එකෙක් එක්ක තනි වෙලා.. පොඩි කඩේ අස්සෙම ගේත් හදාගෙන පුලුවන් විදියට යීබෝට කන්න දීලා පුලුවන් විදියට උගන්වලා වන්ග් නෙවෙයිද ශාන්ට අද මෙච්චර ලස්සන මහත්තයෙක් ගෙනල්ලා දුන්නෙ.. ම්....

ඒත් තමන් පණ වගේ ආදරේ කරද්දි එහෙම සැක කරන්නත් හොද නෑ නේද.. ශාන්ගෙ හිතේ කිසිම හොරයක් බොරුවක් නෑනේ.. එයා මේ පිරිමි දෙන්නට පණ වගේ ආදරෙයි.. ශාන්ට දුක හිතුනෙ ඒ නිසානේ.. නැත්තම් එයා පපා එක්ක තරහා වෙන්නෙ නෑනේ.. පපා එයාගෙ හුස්ම ටිකනෙ.... පපා නැත්තම් කොයින්ද එයාට යීබෝ කෙනෙක්..

ම්...

නින්දක් එන්නෙම නෑ.. වෙලාව ගත වෙනවා විතරයි.. හෙට කොච්චර වැඩ තියෙවිද කරන්න.. පපාගේ වැඩ දැන් දශමෙ ඉදලා බලන්න වෙනවා.. කෙල්ලෙක් වගේ ගෙදර වැඩ කරන්න ඕන්නෑ කියලා වන්ග්ම කිව්වා තමයි.. ඒත් ඉතින් කෙල්ලෙක්ම වෙන්න ඕන්නෑනෙ තමන්ගෙ පපාව බලාගන්න නේද... ඉතින් කඩේ වැඩත් තියේවි..  රට පහක වැඩ හෙට තියෙද්දි මෙහෙම අවදියෙන් ඉදලා හරි යන්නෑ.. ශාන්ට නින්දක් ඕනේ...

ම්... ඕන එකක්...

ශාන් ඇදෙන් බැහැලා දොරත් ඇරන් සාලෙට යද්දි අම්මයි දුවයි මොනවද කුටු කුටු ගානවා... මේ මහ රෑ වත් මේ ගෑනු දෙන්නට කුමන්ත්‍රණ කරන එක නතර කර ගන්න බෑනේ...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now