"I want...... more....."

තමන්ටම එහෙම කියාගෙන යේලි ආයේම බෝතලේ ඉතුරු වෙලා තිබුණු මත්පැන් ටිකකින් තමන්ගේ වීදුරුව පුරවගත්තා.. ඒත් ඒ පුරවගත්තු වීදුරුව කට ළඟට අරගෙන එන්නවත් යේලිට හැකියාවක් නොතිබුණේ ඒ තරමටම යේලි අවසිහියෙන් හිටපු නිසා.. කවුන්ටර් ටේබල් එක මත තිබුණු ග්ලාස් එක උස්සලා තමන්ගේ පැත්තට අරගෙන ආවත් ඒක බොන්න කලින්ම අත ලෙස්සලා ගිහින් ඒ මුළු ග්ලාස් එකේම තිබුණු ටෙකීලා ටික යේලිගේ ඇඟේ හැලුනා..

"Haha.... you are also doing the fuck with me no ?..."

ටිකක් තරහෙන් අතේ තිබුණු වීදුරුව දිහා බලාගෙන එහෙම කියපු යේලි වීදුරුව රැඳිලා තිබුණු අත ඉහළට එසෙව්වේ මුළු ඇඟේම ශක්තිය යොදලා ඒක පොළොවේ ගහන අරමුණින් වුණත් එකපාරටම යේලිගේ පිටිපස්සෙන් මතුවුණු අතක් යේලිගේ අතේ මැණික් කටුව හරියෙන් අල්ලලා යේලිව නැවැත්තුවා... හදිසියේම තමන්ගේ අත යම්කිසි සීතල දෙයක් අතරට හිරවුණා කියලා දැනුනු හින්දම යේලි වේගෙන් පිටිපස්ස හැරිලා බැලුවා.. ඒ වේගෙට ආයෙම යේලිගේ මූණ කොණ්ඩෙන් වැහිලා ගියා....

හිස් වුණු ටෙකීලා වීදුරුව රැඳිලා තිබුණු යේලිගෙ අත එක අතකින් අල්ලගෙන ඒ ආගන්තුකයා හිටියේ බාර් කවුන්ටර් එකට එක කකුළක් තියලා ජැක් එකක් ගහගෙන... ඒ ආගන්තුකයගේ දිග සීතල ඇඟිලි යේලිගේ අතේ හිරවෙලා තිබුණු වීදුරුව තමන්ගේ අතට අරගනිමින් ඉද්දි ඔහු අඩියෙන් අඩිය යේලි ළඟටම ළං වුණා.. අවසානයේදි තමන්ගේ අතට ගත්තු යේලිගේ හිස් ටෙකීලා ග්ලාස් එක දිහා බලලා කට කොනින් හිනාවක් දාපු ඔහු තවත් අඩියක් ඉස්සරහට තියලා යේලිගේ ආසන්නයටම ආවා.. තත්පර කිහිපයකට ටෙකීලා වීදුරුවේ දාරේ රැඳිලා තිබුණු යේලිගේ රතු පාට ලිප්ස්ටික් සටහන දිහා සරාගි ඇස්වලින් බලන් හිටපු ඔහු ඒ විදුරුව අතේ තියාගෙන යේලිගේ මූණට වැටිලා තිබුණු කොණ්ඩේ අනෙක් අතෙන් පැත්තකට කරන ගමන් වාඩිවෙලා හිටපු යේලිගේ උසට ගැලපෙන විදියට මදක් පහළට නැවුනා..

"This drink has too many calories , but I know a great way to....... burn them off.."

යේලිගේ කන් පෙත්තකට ගෑවෙන නොගෑවෙන මට්ටමෙන් දෙතොල් තියාගෙන හිටපු ඒ තරුණ ආගන්තුකයා අවසාන කොටස කිව්වේ දිවෙන් යටිතොල තෙත් කරන අතරේ යේලි වෙතට ආයෙම ඔහුගේ සරාගි ඇස් එල්ල කරන ගමන්... හැබැයි යේලි හිටියේ කිසිම දෙයක් හරියාකාරව වෙන් කරලා හඳුනගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි.. ඇල්කොහොල්වලින් මත් වෙලා හිටපු හින්දම ඒ වචන යේලි තුළ අමුතු ගින්නක් ඇති කෙරෙව්වා.. ඒ ගින්න එක්ක වෙන මොනවා හරි තවත් හැඟීම් බැඳිලා තියෙනවද කියලා යේලිට ඒ වෙලාවේ තේරුමක් තිබුණේ නෑ.. එහෙමත් නැත්තන් ඒ ගින්නට දිගටම පිච්චෙනවද නැත්තන් මෙතනින් නැගිටලා ඒ ආගන්තුක මනුස්සයගෙන් ඈත් වෙලා.. යනවද කියන එක ගැනවත් හරිහැටි අදහසක් ගන්න පුළුවන් මට්ටමක සිහිබුද්ධියක් යේලිට තිබුණේ නෑ.. ඇල්කොහොල් අධිමාත්‍රාවකින් මත්වෙලා හිටපු හින්දා යේලි හිටියේ පාවෙන වෙනමම ලෝකෙක... ඒ ලෝකේ ඇතුළේ යේලිට කිසිම බාධාවක් තිබුණේ නෑ.. වින්දනයට සීමාවක් තිබුණෙත් නෑ...

Strike 2.0Where stories live. Discover now