5

101 24 16
                                    

හෙවණැල්ල හැර තමන්ගේ පස්සෙන් එන අනික් හැමදේම මොහොතකට ජීවිතෙන් ඈත් කරලා දාන්න කියලා හිතාගෙන යේලි ගියේ පුස්තකාලෙට. යේලිගේ සිහින ජර්නලයෙ ලියලා තිබුණු, ප්‍රධාන් වාඩිවෙලා යේලි වෙනුවෙන් මග බලාගෙන ඉඳපු වීදුරු ජනේලේ ගාව තිබුණු පුටුවයි මේසෙයි පැහැදිලිව පේන විදියකට පුස්තකාලේ වෙන තැනකින් පුටුවක් ඇදගෙන යේලි වාඩිවුණා.. හීන ජර්නලයේ ලිව්ව විදියට අද යේලි මෙතනට එද්දි ප්‍රධාන් වගේ කෙනෙක් මග බලාගෙන ඉඳියනම් කොච්චර හොඳද කියලා යේලිට ඒ වෙලාවේ හිතුණා.. ඒ, අනික් අය වගේ පොදු හේතුවක් හින්දා ප්‍රධාන් යේලි වෙනුවෙන් බලන් නොහිටපු හින්දා.. අඩුම තරමේ ඒක ප්‍රධාන්ටම විශේෂ වුණු, අර පොදු හේතුව නොවන වෙනත් වෙනස්ම හේතුවක් වුණු හින්දා...

ඇත්ත එන්න එන්නම කටුක වෙද්දි අපි ම අපි විසින් ෆැන්ටසි ලෝක හදාගන්නවා කියලා යේලි අනන්තවත් අහලා තිබුණත් එහෙම ලෝකෙක ඇත්තට දැනෙන සුවපහසුව මොකක්ද කියලා යේලිට හරියටම තහවුරු වුණේ ඒ වෙලාවේ.. මේසෙට ඔලුව ගහගෙන කලින් විදියටම දිග වීදුරු ජනෙල් පේළිය ගාව තිබුණු මේසය දිහා බලාගෙන හිටපු යේලි, ටිකකට ඇස් දෙක පියාගත්තේ ආයේ එකපාරක් හරි ප්‍රධාන්ව දකින්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.. එහෙමත් නැත්තන්, ටික දවසකට කලින් ජර්නලය ලියලා නවත්තපු තැන ඉඳන්  ආයේ ඒ කතාව ගොතාගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන...

විනාඩි පහකට පියවගත්තු ඇස් ගැස්සිලා වගේ ඇහැරිලා ඔරලෝසුවේ ඉලක්කම් ගණින්න ගනිද්දි පැය දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණා.. අත් දෙකෙන් නිදිබර ඇස් පිහිදගෙන යේලි ආයෙම ලයිබ්‍රි එකෙන් එළියට ආවේ කොහොම හරි හැමදේකටම හිත හදාගෙන මූණ දෙන්න ඕන තමන් ම මිසක් වෙන කවුරුත් නොවන බව තරයේම හිතට කාවද්දාගන්න ගමන්..  පැටලුණු නූල් බෝලයක් වගේ පැටලිලා තියෙන මේ හැමදෙයක්ම ලෙහා ගන්න කොහෙන් හරි එක පොටක් අල්ලගන්න අවශ්‍ය වුණු හින්දා යේලි එළියට ආපු වහාම රටේ නම ගිය ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජිතයෙක් එක්ක සම්බන්ධ වෙලා ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා කාලය වෙන් කරවාගත්තා..

Strike 2.0Where stories live. Discover now