🌹 හතලිස් එක්වන දිගහැරුම 🌹

525 123 181
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

ලැජ්ජා නැද්ද යීබෝ පුතා.. හැදියාවක් නැද්ද ඔයාගෙ මේ කොල්ලට.. කඩේ මෙච්චර සෙනගත් ඉන්නවා.. මෙතන මෙයා ඔඩොක්කුවෙ නැගන් ජවුසන් නටනවා...

ඇස් වලට දැක්ක දර්ශනේ දරාගන්න නොහැකි වෙද්දි.. මෙච්චර ධනස්කන්ධයක් තියෙන තමන්ගෙ අයියගෙ එකම පුතාව තවත් කොල්ලෙක් බැදගෙන ඉන්නවා දරා ගන්න බැරි වෙද්දි යීබෝගේ නැන්දා කෑ ගැහුවේ ශාන්ව ඔඩොක්කුවෙ තියන් ඉන්න යීබෝවත් ගැස්සිලා යන්න...

යීබෝ අයියේ.. කාමරේ ඕන එකක් කර ගන්න අනේ.. ඊයා අර මිනිස්සුත් බලන් ඉන්නවා හලෝ.. මෙයාට ලැජ්ජාවක් නැති උනාට ඔයාට තියෙනවා නේද...

අම්මා වගේම අම්මගෙ මහලොකු දෝනි ඇන්දත් කියවන් එද්දි ශාන් නම් වචනයක් වත් කිව්වෙ නෑ.. මොකෝ ඉතින් ඔව්වා ඇහුවා කියලා කොල්ලට කේන්ති යනවා ඈ.. හිත රිදෙනවා ඈ.. කොල්ලා සතේට ඕවා ගනන් ගත්තෙ නෑ.. කොල්ලට හෙන ආතල්..  නමුත්....

ශාන්ගෙ ඇස් වල කදුලු පිරුනේ ඊයේ රෑ වන්ග් එක්ක බලපු කතාවක දුක හිතුන දර්ශනයක් මතක් වෙලා... ශාන් හොදින් ඒ දර්ශනය සිහියට ගත්තෙ ඒක මතක් වෙද්දි දුක කියන දේ ඕනාවටත් වඩා වැඩියෙන් දැනෙන නිසා...

එහෙම ලැජ්ජ වෙන්න දෙයක් නෑ නැන්දා.. ගමම දන්නවා සුදූට මන් නැතුව බෑ කියලා...

ඇයි පුතේ උබ ගෑනියෙක්වද කසාද බැන්දේ...

නැන්දා මේ.......

යීබෝට මල යකා ආවේස වෙන්න පටන් ගත්තේ ශාන්ගෙ ඇස් වල තියෙන බොරු කදුලු දැකලා... ශාන් යටි තොල නොපිට පෙරලන් ඇස් වල කදුලු බෝල පුම්බන් යීබෝගේ මූණ දිහා බලද්දි යීබෝගෙ පපුව හෝස් ගාලා ගියා..

තමන්ගෙ මිනිස්සු නිසා ශාන්ගේ හිත රිදෙනවට නම් යීබෝ කොහෙත්ම කැමැත්තක් නෑ.. දුක් විදලා විදලා තමන් ලගට අමාරුවෙන් ඇවිල්ලා දැන් මලක් වගේ පිපිලා ඉන්න කොල්ලට රිද්දනවා දකින්න යීබෝ ලෑස්ති නෑ....

යීබෝගේ හිතේ ශාන් වෙනුවෙන් තියන ආදරේ කොච්චරක්ද කියලා  අඩුම තරමෙ ශාන්වත් දන්නෙ නැතුව ඇති..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now