Chapter 41

805 150 67
                                    


"හෝදමු අපි හෝදමූ හෝදමු අපි හෝදමූ... "

-ජබොක්-

"ඉක්මනටම වේලිලා එන්න මල්ලිලා..!!!! මට අදින්න වෙන රෙදිත් නෑ"

"මට දුන්න දුක්ගින්න ඇවිලෙයි ඉතින්..
රිදවන්නේ විදවන්නේ මාගේ සිතින්...
කොයිකාට උවාද- ඊයා ඒ මොන සින්දුවක්ද??"

"මන් බදින්නේ නෑ... දුක් විදින්න බෑ....
වදකෙරුවත් හෙට මැරුනත්-"

"කැම්පස් මල්ලේ........"

"අයියෝ හැ#නෙනවානේ. වැඩක් කරගන්න නෑ පාඩුවේ"

සතිගානක් බෝඩිමේ පිස්සු කෙලලා අන්තිමට යාන්තම් හරි සිහියට ආවට පස්සේ මන් ටික ටික බෝඩිම අස් කරගත්තා.. ඒත් අදින්න ඇදුමක් තියෙනවද බලන්න කබඩ් එක ඇරියම මුල්ලේ තිබිලා සරමක් විතරයි හම්බුනේ.. ඒක කාගෙද කොහෙන්ද හම්බුනේ කියලවත් මතක නෑ.. අනික් රෙදි ටික හොයලා බලද්දි බාස්කට් එක වටේට වැටිලා නත්තල් ගහ වගේ තිබ්බේ.. අන්තිමට ඔක්කොම වැඩ පැත්තක තියලා මම අර සරං කෑල්ලත් ඇදගෙන බාතෲම් එකට වෙලා බිම දාගෙන රෙදි හේදුවා.. ඔලුවෙත් එක්ක සබන් පෙන..

තාර බැරල් වසන්තයා දොරකඩ ඉදලා බෙරිහන් දෙන්න ගත්ත නිසා මන් ඉක්මනට සබන් එහෙන් මෙහෙන් පිහාගෙන සරමත් ගසලා ඇදගෙන බාතෲම් එකෙන් එලියට ආවා.. රෑ නිසා සරමෙන් එලියට ගියාට එච්චර අවුලක් නෑ.. ලේඩිස්ලා ඔක්කොම අටෙන් පස්සේ ගේ අස්සෙනේ..
වැඩේ කියන්නේ මන් රෙදි හෝදලා නෙවේ රෙදි ටික මාව හෝදලා වගේ පේන්නේ...
මන් අත් දෙකේ තියන වතුර ගස ගස ගිහින් දොරේ ලොක් එක පන්නලා ඇරියා..

"ඇයි වසන්තයියා?"

"මල්ලි මේ මහත්තයා සෑහෙන වෙලාවක් දොරට තට්ටු කරා ඇහුනේ නැද්ද?.. බැරිම තැන මම ඇවිල්ලා කතා කරේ"

වසන්ත අයියා එහාට අයින් වෙලා එයාගේ අලි ඇගට වැහිලා හිටිය කෙනා පෙන්නද්දි මට සබන් පෙනයක් වෙලා වාෂ්ප වෙන්න හිතුනා..

"තෑන්ක්ස් අයියා උදව්වට"

"ඕක මොකක්ද මහත්තයා.. මෙහෙ එන ඕන වෙලාවක මාව දැක්කොත් කතා කරන්නකෝ.. මන් කීප පාරක්ම මහත්තයව දැකලා-"

"ක්හ්ම්... මන්- එහෙමනම්- අයියව- පස්සේ හම්බෙන්නම්කෝ.. හදිසි වැඩකට ආවේ"

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now