Chapter 39

778 146 63
                                    

"එච්චර අවුලක් නෑ හක්කේ දත් දෙකක් ලෙෆ්ට්.. යකෝ මන් හිතුවේ නෑ ඌ හිමිච්චා වගේ හිටියට අර යකාගේ දත් දෙකක් ගලවයි කියලා"

"ඕනිම මිනිහෙක්ට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවනේ ජේ.. හැබැයි ගවීට බැරි උනා මෙච්චර කාලයක් ඉදල උගේ දත් දෙකක් ගලවන්න... නැද්ද???"

"අම්මෝ අම්මෝ ඒකනම් සිරා චුටී බාප්පේ.. අන්තිමට මුට බැරි උන දේ මුගේ-හායී පෘථිවි ගුඩ් මෝනීන්!!"

ජේඩ් අයියාගේ කුංචනාදෙට සෝෆා එකේ හිටිය හැමෝම හැරිලා මන් දිහා බැලුවා.. මාත් ෂේප් එකේ කර පල්ලේ වැටෙන සැගා අයියගේ ෂර්ට් එකත් උඩට කල්ලා හදාගෙන තරප්පු පෝලිම බැහැලා ඇවිත් එයාලා හිටිය සෝෆා එකේ කොනකින් ඉදගත්තා.. ඔක්කොම මන් දිහා බලන් ඉන්නවා නිකන් ජාතික වීරයෙක් දිහා බලනවා වගේ.. මන් හැමෝටම පොදුවේ ගුඩ් මෝනින් කියලා ටීවි එක දිහා බලාගත්තා.. ඇහුන විදිහට ඉදුවරයගේ දත් දෙකක් නෑ..

හොදම දේ කියන්නේ ඊයේ කිසි දෙයක් උනේ නෑ වගේ සෙට් එකම ආතල් එකේ ඉන්නවා.. දුක කියන්නේ ජේඩාගේ ඇස් දෙක වටේට රවුමට රතු වෙලා..

"දන්නවද පෘථිවි ඔයා නිසා මම කැම්පස් එකේ නම ගියපු වීරයෙක් වෙලා.. හැමෝම හිතන් ඉන්නේ අර සීනියර් කාරයාට නෙළුවේ මම කියලා.. ඇරත් වෙනම ෆැකල්ටියක!!!  ගැම්මක් තමා නේද?"

ජේඩ් අයියා මස්ල්ස් පෙන්න පෙන්න කියනකොට නිර්වාන් අයියා පතස් ගාලා ජේඩ් අයියගේ ඔලුවට එකක් ගැහුවා..

"අනුන්ගේ පහනින් එලිය බලන්නැතුව හිටපං පුතේ.. කොහොමද පෘථිවි ඔයාට? අත අවුලක් නෑනේද?"

"අවුලක් නෑ අයියේ ඊයේ ගෙමිදු බෙහෙත් දැම්මා"

මම නිර්වාන් අයියට පොඩ්ඩක් තුවාල වෙලා තියෙන අත පෙන්නලා කියනකොට ගෙම්බා මන් දිහා හොරෙන් බලලා ආපහු හැරිලා ෆෝන් එක ඔබන්න ගත්තා.. දැන් ඕකව යාළු කරගන්න රටේ ලෝකේ නැති දේවල් කරන්න වෙනවා..

"වෙන මුකුත් අවුලක් නෑනේද?"

"අවුලක් නෑ අයියා.. එතන මන් ඉන්නවා කියලා කොහොමද ඔයාලා-"

"මොනවහරි බොනවද පෘථිවි?"

ටීවි සෙට් එක ලග මොනවද සීරිස් වගයක් අතේ තියන් ඒවගේ දිග පලල මැන මැන හිටිය ගවේෂ් අයියා ඒ ටික එහෙම්ම බොක්ස් එක්කට අතෑරලා අපේ කතාවට බාදා කරන ගමන් ඇවිත් මන් ලගම ඉදගත්තා.. ජේඩ් අයියට හොදටම කැස්ස.. නිර්වාන් අයියගේ උගුරේ මොකක්ම හරි අවුලක්.. ඒ අස්සේ සැගා අයියා ගෙමිදුගේ ෆෝන් එකට හොරෙන් එබිලා බලන් ඉන්නවා.. තිවාන් අයියනම් නෑ වගේ..

SITHTHARA | COMPLETEDTempat cerita menjadi hidup. Temukan sekarang