chapter 1

9 1 0
                                    

මං සධීධ ධිමාල් ඒ වුනාට ඔක්කොම වගේ සධී කියන්නෙ
අදත් ඉස්කෝලේ ම්හ්ක්! රෙද්ද කම්මැලී අප්පාහ් තව විනාඩි පහා...යි

"ළමයො! සධී...නැගිටිනව අද යන්නෙ නැද්ද ආ... බබා මාව ඔතනට ගෙන්න ගන්න එපා මං කිව්වේ නෑ කියන්න එපා "

"අයියෝ අම්මාහ් තව විනාඩි පහයි අනේ"

"පහ පහ මං පෙන්නනවා දැන් ආවොත් හරිද නැගිටපන් "

"මොන මගුලක්ද අනේ..... නැගිට්ටා නැගිට්ටා"

දැන් ඉතින් යුද්දෙ තමයි දැන් හොදයි නංගිලා දෙන්නා නැගිට්ටම තමයි මරු හැබැයි

ඒ අස්සෙ අම්මත් පොලීසියට යන්න එපැයි අනික තාත්ත ගොඩක් වෙලාවට ගෙදර නෑ එයත් පොලීසියෙම උනාම මාතලේ ඉන්නෙ ඉතින්
අම්මට තුන් දෙනා එක්කම උදේට ආමාරු නිසා එයාල ළගම ඉස්කෝල වලට දැම්මා
මං ඉතින් ලොකු එකානෙ ඒ ලෙවල් ලිව්වම මගෙන් අවුලක් ම නෑ ඉතින්
ලොකු නංගි ඕලෙවල්වත් නෑ දහයෙ ඒත් ඒලෙල් කියල හිතන් ඉන්නේ ඊව් ඉතින් අනිකි හොදම එක 7 වසරෙ ඇම්බැක්කෙත් නෑ ඒ කැටයම් ගවුමෙ රැල්ල පොඩි වුනොත් බලන්න ඕන ඒ තියා කොණ්ඩෙ හදනව ඉස්කෝලේ ගේට් එක ඉස්සරහ උනත් ආයෙ ඉතින් ගානක් නෑ ප්‍රිපෙට්ලා නෙමෙයි ප්‍රින්සිපල්ම හිටියත් ඒව් ඉතින් මුන්ගෙ තියෙන පණ්ඩිතකම ගැහුවැකී

හැබැයි ඉතින් මාත් නැගිටින්න පරක්කුයි කියලා අම්මාගෙනුත් ගුටි නොකා ගුටි කෑවනම් සැපයි කියලා හිතෙන බැනුම් අහගෙනම අම්මට කියලම පාරට දාගත්තා ගෙදර ඉදන් පාරට යන්න එපෑ පයින්ම නැත්තම් මං තනියෙන් ස්කූටියෙත් යනව වෙනදට ඒ උනාට ඉතිම් අද ආෆ්ට ස්කූල් ඉන්න වෙන නිසා හන්දියෙ දාලා තියන්න බෑනෙ ඕකෙ කෑලි එකෙක් ගලවන් ගියොත් ගෙදර ගිහිනුත් ඉවරයි

හතරහමාරයි පහයි හතලිස් පහට බස් එක ඒකෙ ගියොත් හතයි කාල වගේ වෙනකොට ගියෑකි ආ.... එක්කො සැරියෙ යන්න ඕන අද කැඩෙන එකක් නැති වුනොත් හොදියි හත හමාරටම හරි ඉස්කොලේ ඉස්සරහින්ම බස්සවනවනෙ

සැරිය කියන්නෙ ඉතිම් අපේ රාජකීය වාහනේ ඕකෙ පිටිපස්සේ සීට් එකක් තියෙනව ඔන්චිල්ලාව වගේ ඒකත් මරු හැබැයි උදේ තිබ්බොත් හවස නෑ හවස තිබ්බොත් පස්සෙ දවසෙ උදේට නෑ ඒත් නැත්තම් මගදි කැඩෙනවනෙ ඒ වුනාම ඒක ආතල් ඉතින්
මේ හරියෙ හැම ඉස්කෝලේකම එකෙක්හරි සෙට් වෙනවනෙ ඒකයි වටින්නෙ සහෝදර පාසල් අනේ සහෝදර පාසල්
මරාගන්න බලන් ඉන්න අනිත් ස්කූල් එකේ උන් හිටියට සැරියෙ එහෙම නෑ ඉතින් කොහොමත් ඔක්කොම එකතුයි කෙල්ලො බෙදා ගන්න පොඩි පොඩි වලි ගියාට කෙල්ලො වගේ නෙමෙයි ඉතින් බිග් මැච් සීසන් වල ටිකක් එහෙන් මෙහෙන් වලි ගියාට
ගොඩක් ම වටින්නෙ ගර්ල්ස් ස්කූල් ටිකේ නංගිලා ඉතින් මෙවුන් කට පියන් ඉන්නකොටනම් හරීයට වටිනවා අර ගෙදර ඉන්න යකින්නියන්ට වඩා හැබැයි

You've reached the end of published parts.

⏰ Last updated: Apr 14 ⏰

Add this story to your Library to get notified about new parts!

THE SECRET CODE OF SUMMER Where stories live. Discover now