අපි කතාකරගත්ත විදිහට නවතින්න ආවේ රිකිල්ලගස්කඩ තිබ්බ ලොකු පන්සලකට.. තිවාන් අයියා තමා කලින්ම හාමුදුරුවෝ කන්ටැක්ට් කරගෙන නවාතැන් පල විදිහට මෙහෙ හැමදේම හරිගස්සලා තිබ්බේ.. ලොකු හාමුදුරුවෝ හරිම හොදයි.. අපිට නවතින්න හෝල් දෙකක්ම දුන්නා.. දවස් තුනක් විතර ඉන්නත් එපැයි..  උන් වහන්සේ අපේ වැඩේට උනත් ලොකු සහයෝගයක් දෙන්නම් කිව්වා.. පන්සල් පාරේ ටික දුරක් ඉස්සරහට ගිහාමලු අපි යන ස්කෝලෙත් තියෙන්නේ..

දැන්නම් වෙලාව හවස හයටත් කිට්ටුයි.. කරුවලයි සීතලයි.. අපේ කෙල්ලෝ හිටියේ අපි ඉන්න හෝල් එකට ටිකක් පල්ලින්.. අපි හිටියේ පන්සල උඩම තිබ්බ ලොකුම ලොකු දාන ශාලාවක...

කඩුගන්නාවේ ඉදලා මෙහෙට එනකොට දවල් දොළහ වගේ උනා.. ආව ගමන් කට්ටිය කාලා බිලා රෙස්ට් කරන අතරේ මම විතරක් තිබ්බ නිදිමතට කන්නෙත් නැතුව හෝල් එකට ඇවිත් මෙට්ටයක් උඩට බෙඩ්ෂීට් එකක් දාගෙන කොට්ටයක්වත් නැතුව නිදාගත්තා.. මට ඒ තරමටම නිදි මතේ හිටියේ.. නින්ද කැඩීගෙන එනකොට තමා මගේ ඔෆීෂියල් භාරකාර පවිරු මගේ පරම අයිතිය මේ කොහෙවත් යන බිල්ඩින් ගවේසාන්ට දෙනවා ඇහුනේ... අම්මාපා මීට වඩා හොදයි කෙල්ලෙක් වෙලා ඉපදුනානම්.

"කාලාම වොෂ් එකක් දාමූ.. ආව ඇදුමෙන්ම තාම හඩ්ඩා වගේ නිදි.. කෝ නැගිටිනවා.."

"අයියෝ තව ටිකක් ඉදලා රෑටම කන්නම් අප්පා"

මන් කම්මැලි කමට මුනින් අතට පෙල්ලුනා.. බඩගිනි නෑ අනේ

"මන් උස්සන් ගන්නද ඔක්කොම ඉස්සරහා"

"ආයිෂ්!!!! මලවදේ"

එයාට ගහන්න බැරි කමට මන් මෙට්ටෙට අත මිටි ගුලි කරලා පාරක් ගැහුවා.. පවිරු වගේ මෙයත් වද දෙනවනේ අප්පා.. කිව්වා වගේම මේ මිනිහා කියන දේවල් කරන්න පුළුවන් සම්භාවිතාවේ වැඩි නිසා මන් එහෙම්ම මෙට්ටෙන් කෙලින් උනා.. රෝස සුවද ජර්සිය තවත් ඇගට කරලා හදාගෙන නිදිමතේම කොණ්ඩේත් පොඩ්ඩක් හදාගත්තා.. කන්න උනත් ලස්සනට යන්නෝන..

මන් හෝල් එක පුරාම රබර් ඇහා දාලා බැලුවා.. ටයිල් බිම පුරාම මෙට්ට පනහක් විතර එක දිගට දාලා... සමහරක් ඒවගේ කොල්ලො දැනටමත් නිදි.. සමහරක් උන් කෝල්ස් වල.. තව සෙට් එකක් එලියට වෙලා එහෙ මෙහෙ ඇවිදිනවා.. එලියේ වෙන දේවල් ලාවට වගේ හෝල් එකේ තිබ්බ ලොකුම ලොකු විදුරු ජනෙල් වලින් පේනවා.. දානේ ශාලාවක් උනාට මේක ලක්සරි ටයිප් වෙඩින් හෝල් එකක් වගේ. හෝල් එකෙන් එකයි ග්ලාස් බල්බ්ස්..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now