🌹 තිස් අටවන දිගහැරුම 🌹

634 128 67
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

ශා බලන්නකෝ ගමටම ඉර පෑව්වා වගේ.. හරි ලස්සනයි රත්තරනේ..

අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා අපේ චූටී බේබිට...

යීබෝ පුතා කියනවා හරි.. මේක තනිකරම රෝස මලක් තමයි ..

චූටී බේබී එන්නකෝ ෆොටෝ එකක් ගමුකෝ...

බේබිගේ ලස්සන අද...

යීබෝ පුතාගේ වාසනාව දෙයියනේ.. වලව්වෙන් මැණිකක් අරන් ආව පළවෙනි කොල්ලනෙ අපේ ගමේ ඉන්න...

චූටී බේබී ඔන්න අද ඉදන් ගමේ වැඩ වලට එන්න ඕනේ හොදේ මහත්තයා එක්ක...

මගෙ ඇස්වහ වදීවිද මන්දා අප්පා මේ සුර දූතයට...

ආදරෙ හිතෙනවා දෙයියනේ... චූටී මලට ...

ම්... දවල් ඉදන් කන් දෙකට ඇහෙන්නෙම මේ වගේ කතා.. ලස්සනම ලස්සන වර්ණනා... මෙ රූපේ ගැන මේ චරිතේ ගැන.. මේ මනුස්සයගෙ ගතිගුණ ගැන ගමේම ඉන්න මිනිස්සු උජාරුවට ඇදගෙන ඇවිල්ලා කයිය ගහන්නෙ මනාල ජෝඩුවගෙ අතින් අල්ලගෙන...

හී හී අයියේ...

බලන්නකෝ මැණික එයාලගේ ආදරේ...

ඒක තමයි...

පොඩ්ඩක් විවේකයක් ලද හැටියේ ශාන් ඉන්නේ යීබෝගේ පපුවේ.. ඇත්තටම පාටි එකෙන් පස්සෙ කොල්ලා ලෙඩ වෙයිද මන්දා.. ඇස්වහ වැදිලම...

රිදෙනවද මගේ වස්තුවට.. ම්...

සුට්ටක්...

කාලා බේත් පෙති දෙකක් බොමුද.. උණ එයි නැත්තම් ආයේ...

අනේ ආයේ බෑ අප්පා.. හූම්...

රෑ වැඩ කරාම ඉතින් ඔහොම තමයි.. පළවෙනි වතාවනෙ... ශාන්ට ඒ වෙලාවෙ ලොකු අමාරුවක් නෑ වගේ උන්නට පස්සෙ පස්සෙ නම් උණ ගතිය ආවා.. ඇවිදගන්නත් පොඩ්ඩක් අපහසු උනා.. හැබැයි බේත් වලට පිං සිද්ද වෙන්න දවල් වෙද්දි ගොඩාක් අඩුයි....

හරි දවල්ට විතරයි.. ම්.. රෑට ඕන්නෑ...

තිත්තයි අප්පා ඕවා.. එපා වෙනවනෙ....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now