🌹 තිස් හත්වන දිගහැරුම 🌹

743 129 108
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

ඒ ගොඩක් අය ඉන්නෝනේ සුදු අයියේ...

එයාලා ඉතින් වැඩ...

ඔයාට ගොඩාක් ආදරෙයි නෙහ් එයාලා..

ම්.. මගේ පණට නිදි මතයිද.. එහෙ මෙහෙ ඇවිදලා මහන්සිද.... ම්...

මූහුක්... මාත් උදව් කරන්නද එයාලට...

රෑබෝ වෙලා... වෙලාව රෑ නවයත් පහු වෙලා ගිහින්... වැඩ කටයුතු වල අවසානයක් නම් පේන තෙක් මානයක වත් නෑ...

විසල් නිවස වටේම ගහලා තියෙන ටෙන්ට්.. ඒවා තුළ හරි පිළිවෙලකට පෝලිම් කරලා තියෙන ප්ලාස්ටික් පුටු... ම්...

ඒ වගේම නිවස ඉදිරියෙන්ම තියන ඒ කෑම සදහා වෙන් උන බුෆේ හට් එක... ඉතාමත් අලංකාර විදියට තිර රෙදි පවා දාලා තියෙන්නෙ.. මේක ලොකු මගුලක්....

ඉතින් ගමේ ගොඩක් මිනිස්සු ඇවිල්ලා උදව්වට.. උයන්න කරන්න කිසි දෙයක් නැතත් ලස්සනට පිරිසිදු කිරීම් කරන්න... උයන අයට බලෙන්ම වගේ එළවලු පවා කපලා දෙන්න.. තේ හදන්න... බිස්කට් බෙදන්න.. ගේ සරසන්න.. ගමේ මිනුස්සු හරි ආසාවෙන් මේ යීබෝගෙයි පුංචි බේබිගෙයි මගුල් ගෙදරට කලින් දවසෙ රෑ ඇවිල්ලා තියෙන්නෙ....

මේ මගුල ගම්මුන්ට හරි විශේෂයි.. කට වචනයෙන් මේ ගෙට ඇවිල්ලා නොකීවට ඒ මිනිස්සුන්ගෙ හිතට මේ මගුල හරි විශේෂයි..

වලව්කාරයෝ ඕන තරම් ගමේ පොඩි පොඩි එක්ක සම්බන්ධ උනා තමයි.. පැනලා ගියා තමයි.. එතැන් පටන් දුක් වින්දා තමයි.. නමුත් මේ ගමේ වලව්වෙ එකෙක් කවදාවත්ම ගමේ මනුස්සයෙක් එක්ක දීග ගියේ නෑ...

දන්න කාලේ ඉදලම මහ ලොකුකමකින් ජීවත් වෙන වලව්වෙ මිනිස්සු බැලුවෙම ගමේ උන්න පුංචි මිනිහව තලා පෙලා දාන්න...

ඉතින් ගමේ වලව්වෙ ඉපදුන මේ පුංචි රෝස මලට නම් ඔය ලොකු කම කියන දේ ගෑවිලා වත් තිබුනේ නෑනේ.. ඒ නිසා ගම්මු ශාන්ට් නොසෑහෙන්න ආදරේ කරා.. හැබැයි ගමෙ මිනිස්සු නම් කවදාවත්ම හිතුවෙ නෑ ශාන් මේ ගමෙ සාමාන්‍ය කඩකාරයෙක්ව කසාද බදිවී කියලා..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Wo Geschichten leben. Entdecke jetzt