" මොකටත් පරිස්සමින් .. ඌ එච්චර හොද මනුස්සයෙක් නෙවෙයි" මන් ඌට සීරියස් කිව්වට ඌ කරේ ඒකට හිනා උන එක .. ස්කයි නම් මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන මේ වෙනකොට හොද නින්දේ ..

"මොකද උඹ කියලත් හොද මිනිහෙක් ද "

ඒක ඇහුවම නම් මටත් කට කොනට හිනාවක් ගියා .

"එහෙනම් බොසා මන් ගියා "

"ම්ම්."

"මේ බන් "
එක පාරට ම යන්න ගියපු යේශ් ආයෙමත් හැරිලා ආවා ..
..
.
.
..

දවල් ට කන්න අහල්‍ය උයලා ගිහින් තියෙන්නෙ .. ඒකත් අලයි මාලුයි පපඩනුයි . කොල්ල උදේ පාන්දර නැගිටගෙන ඔච්චර හරියක් කරපු එකම  මදැයි.

ඒ උනාට රහේනයා නම් කරේ නැගිටපු ගමන් ඇවිල්ලා මට බත් ගිල්ලපු එක .. බෙහ්ත් බොන්න තියනවයි කියලා.

ඊට පස්සෙ ඉතින් දවල් ටත් ආය කන්න උනා . කමක් නෑ ..

සියෙල් නම් දවසම ගෙදර් හිටියෙ නෑ .. රහයි මායි පොඩ්ඩක් එහා මෙහා වෙවී උන්නට දවල් වෙන්න වෙන්න මන් උන්නෙ කාමරේ අස්සෙ මයි .. අර අනිත් බඩ්ඩ නම් සාලෙට වෙලා පොතක් කියව කියව හිටියා ..

දවස් දෙකක් ඔහේ ගත වෙලා ගියා . ඇත්තටම අස්සට වෙලා ඉදලම සමහර වෙලාවට මට එපා වෙල හිටියේ .

හෙට මාව බලන්න ඩොක්ට කෙනෙක් එනවයි කිව්වෙ .. රහාලගෙ අයියගෙ යාලුවෙක් ලු ..

මොනා වෙයිද දන්නෙ නෑ ඉතින් ..බලමුකො බලමුකො.

හවස අපි beach  එකට ගියා . අම්මෝ ඒක නම් කියා ගන්න තේරෙන්නෙ නැති හැගීමක් . මුහුද කියන්නෙ තනිකරම භාවනාවක් වගෙ සැනසීම පිරුණ තැනක්  . බලාගෙන ඉන්න පුලුවන් කොච්චර වත් . මන් වැල්ලෙ තනියම වාඩි වෙලා නමක් නොදන්න හැගීම් ගොන්නක් පුරවගෙන විඩෙන් විඩේම ඇවිත් වෙරලේ හැප්පිලා යන රළ දිහා බලාගෙන හිටියා .

රහේන් නම් sky එක්කලා ඇවිදින්න යනවයි කියලා තමයි මාවත් දාලා යන්න ගියේ . මන් බෙල්ල හරවලා මගෙ දකුණු පැත්ත බැලුවා .

ඒ ඇස් වල මුහුදටත් වඩා හැගීම් පිරිලා තිබුණා .

ඒ ඇස් වල මුහුදටත් වඩා සැනසීම පිරිලා තිබුණා .

උරුමක්කාරයා Where stories live. Discover now