රුහානා කියන්නේ යේලිගේ ළඟම යාලුවෙක් වගේම ඇය විලාසිතා නිර්මාණශිල්පිනියක්.. තමන්ට නොලැබෙන ජාත්‍යන්තර අවස්ථා යේලි කොහොම හරි ලබාගන්න එක ගැන රුහානට ඒ කාලේ ඉඳන්ම යේලි එක්ක තිබුණේ ලොකු කේන්තියක්.. ක්ෂේත්‍ර දෙකක වැඩ කරත් යේලිගේ සමහර ඉන්ටනැශනල් ප්‍රොජෙක්ට්ස්වල කොස්ටියුම් ඩිසයිනින් සයිඩ් එකට රුහානව රෙකමන්ඩ් කරන්න වගේම ඒ වගේ කන්ට්‍රෑක්ට්ස්වලට රුහානාව ජොයින් කර ගන්න යේලි උත්සාහ නොකරන හින්දා වගේම එහෙම කරන්න ඉඩක් ලැබුණාමත් යේලි හැමවෙලාවෙම ඒ අවස්ථා රිජෙක්ට් කරන හින්දා රුහානා හැමවෙලාවෙම යේලි එක්ක බොරු යාලුකමක් පෙන්නගෙන හිත යටින් ඇවිලෙමින් හිටියා.. අද ඒ ගින්න තව සැර වෙලා...

"ඔයා හෙව්වේ නැද්ද ඒ කෙල්ල කවුද කියලා.."

"හොයලා වැඩක් නෑ.. අනික ඒ කෙල්ලට බ්ලේම් කරලා වැඩක් නෑ.. අර මිනිහත් ඉතින් කැමැත්තෙන්මනේ ඕක කළේ..."

"අනේ ඔයා හොඳ වැඩි... මන් වගෙ වුණානම් ඔය කෙල්ලගේ කෙස් ගහෙන් ගහ ගලවනවා..."

"මෙනුරට එහෙම කරන්න හේතු තියෙන්න ඇතිනේ යේලි නේද.."

මෙච්චර වෙලා කටපියාගෙන හිටපු රුහානා ටිකක් සද්දෙන් එහෙම ඇහුවේ යේලි දිහා බලාගෙන රුහානගේ ඇස්වල තියෙන ගිනි රස්නේ යේලිට ඒ වෙලාවෙ හොඳටම දැනුනා වගේම පෙනුනා.. මේසේ හිටපු හැමකෙනාම වගේ රුහානා කියපු දේත් එක්ක එයා දිහා බැලුවේ පුදුමෙන් බර ඇස්වලින්...

"ඔව් තියෙන්න ඇති..."

"ඉතින් ඔයා එයා පිට වරද පටවලා හරියනවද.. ඔයාට මොකක් හරි වැරැද්දක් වුණානම් ඒ හැම එකකම වගකීම ඔයාගේ මිසක් පිට මිනිස්සුන්ගේ නෙමෙයි.. විකාර දොඩවනවා..."

හරිම තරහෙන් එහෙම කියාගෙන කියාගෙන ගියපු රුහානා එහෙමම වාඩිවෙලා ඉඳපු තැනින් නැගිටලා කොන්ඩෙත් ගස්සගෙනම වගේ යන්න ගියේ මේසේ ඉඳපු අනික් හැමෝම යේලිත් රුහානත් දිහා මාරුවෙන් මාරුවට බලද්දි...

"ආශ්.. ඒවා වැඩක් නෑ.. අපි දැන් මේක එන්ජෝයි කරමු ගායිස්..."

පාටි මූඩ් එක විනාශ වෙයි කියලා හිතුණු හින්දා අවන්හලෙන් එළියට බැහැලා ගියපු රුහානා දිහා ටිකක් වෙලා බලන් ඉඳපු යේලි ආයෙම එහෙම කිව්වේ තවත් ටෝස්ට් එකකට ග්ලාස් එක raise කරන ගමන්...

Strike 2.0Where stories live. Discover now