ඇමතුමට විනාඩි කීපයකට පස්සේ ප්‍රධාන් හිටියේ විද්‍යෝදය රජයේ පුස්තකාලයට ඇතුළු වෙන කොරිඩෝවේ වේගෙන් ඉස්සරහට යන ගමන්... කළු පාට මාස්ක් එකකින් වගේම කළු පාට කැප් එකකිනුත් මුහුණ ආවරණය කරගෙන හිටපු ප්‍රධාන්ව පුස්තකාලයේ රාජකාරිවල යෙදිලා හිටපු තරුණිය හඳුනගත්තේ ප්‍රධාන් මේ පුස්තකාලයට අමුත්තෙක් නොවුණු හින්දා.. ඇස්වලින් යන්තම් ඒ තරුණිය එක්ක හිනාවුණු ප්‍රධාන් කලබලෙන් ඇස් යව යව දකින්න බලාපොරොත්තුවෙන් ආපු රුව හෙව්වා.. අසාර්ථක වුණු ප්‍රධාන් ජනේලයක් අයිනේ පුටුවකින් වාඩි වුණේ යේලිගේ පැමිණීම අපේක්ෂාවෙන්..

විනාඩි පහක් දහයක් යද්දි තමන්ගේ එහාපැත්තේ තිබුණු පුටුවෙන් කෙනෙක් ඇවිල්ලා වාඩිවෙනවා යන්තමට වගේ දැකපු ප්‍රධාන් ඉක්මනට ඔලුව හරවලා බැලුවේ ඒ යේලිමද කියලා හරියට තහවුරු කරගන්න වගේ..

"තව පොඩි වැඩකට ගියා... ඇයි දැන් එන්න කිව්වේ.."

හෑන්ඩ් බෑග් එක වගේම ශේඩ්ස් දෙකත් ගලවලා මේසේ උඩින් තියපු යේලි ප්‍රධාන්ට වචනයක්වත් කියන්න නොදී එකදිගටම කියාගෙන කියාගෙන ගියා..

"මට වැදගත් දෙයක් කතා කරන්න ඕන.."

"මොකක් වුණත් වැල්වටාරම් නැතුව ස්ට්‍රේට් ටු ද පොයින්ට් ආ.."

යේලි හරිම තද කටහඬකින් එහෙම කිව්වාම ප්‍රධාන් හරිම බර හුස්මක් වාතයට මුදාහැරියේ හිතට ධෛර්‍යයක් එකතු කරගන්න වගේ...

"හරි.. මේකයි.. මන් ඔයාට දැන් ප්‍රපෝස් කලොත් ඔයාගෙ රෙස්පොන්ඩ් එක මොකක් වෙයිද.."

ප්‍රධාන් එහෙම කිව්වාම යේලිගේ මූණේ පොඩි හිනාවක් ඇඳුණා..

"ඒක බලන්න ඔයා ප්‍රපෝස් කරන්න එපැයි.."

යේලි එහෙම කියන පරක්කුවටම ප්‍රධාන් මෙච්චර වෙලා අතේ ගුලි කරගෙන ඉඳපු පොඩි බොක්ස් එක මේසේ උඩින් තිබ්බේ යේලිගේ ඇස් දිහා බොහොම පරිස්සමට බලන ගමන්..

"ඩූ යූ ලව් මී...?"

"ඔව්..."

"බට් අයි ඩෝන්'ට්"

එහෙම කියපු යේලි බිස්නස් කන්ට්‍රෑක්ට් එකක් ප්‍රතික්ෂේප කරන විදියට ප්‍රධාන් එයාගේ දිහාවට ටිකකට කලින් ළං කරපු බොක්ස් එක ආයෙම ප්‍රධාන්ගේ පැත්තටම තල්ලු කළේ ප්‍රධාන්ගේ ඇස් දිහා බලාගෙනමයි..

Strike 2.0Where stories live. Discover now