මේක ඉවර උන ගමන් හවස අපේ බැජ් ටොප් පවිරුවා තව තියරි කුප්පියක් කරන්න ඉන්නේ.. ලේසි නෑ.. ඊට පස්සේ දියානා බතික් කලරින් ප්‍රැක්ටිකල් එක ගැන කුප්පියක් කරන්න ඉන්නේ.. මන් ආසම සබ්ජෙක්ට් එකක්.. ඊට පස්සේ ඒ ඔක්කොම ඉවර උනාම රෑ වෙලා කොල්ලෝ ටික එකතු වෙලා චමරියක් දාන්න ඉන්නේ... චමරි දානවා කිව්වේ වට වෙලා පාඩම් කරන එකට.. කෙල්ලෝ නම් හොස්ටල් වල චමරි දාන්න සෙට් වෙනවා.. අපි ඉතින් කලින් ඉදලම ඒකට කොමන් එකේ ඉන්න බලාගෙනම ආවේ..

"උඹලා කෝකටත් මධ්‍යතන යුගය පොඩ්ඩක් වැඩිපුර බලා ගනිල්ලා.. එක පාරක් අපිට ඇවිල්ලා තිබ්බා කෙලවිලා යන්නම.. ප්‍රශ්නයක් තියෙනවනම් අනිද්දට කලින් අහපල්ලා මට එක්සෑම් ආයේ හැරෙන්නවත් බෑ.. තව උඹලගේ ඇඩ්මිෂන් එයි හෙට අනිද්දම ඒවත් ගනිල්ලා..  කෝ තොපිලගෙ රෙපා......"

කොහොමහරි කුප්පිය දාපු සින්නා වැඩේ ගානට කරලා දුන්නා.. ලෙක්චර්ස්ලා කරා වගේ නෙවේ.. මේවා කන හරහා මොලේටම යනවා.. අපරාදේ ලෙක්චර්ස්ලා කියලා ජාතියක් ඉන්නෙත්.. ඒ තරම් කුප්පිය සුපරියට ගියා.. අපි හැමෝම සෑහෙන සැටිස්ෆයි වෙලා හිටියේ... දැන් ගිහින් තියෙන්නේ කොල්ලට ලියන්න විතරයි.. දෙයියනේ කියලා සී මයිනස් වලට උඩින් මොක ආවත් කමක්නෑ..

කැම්පස් එකේ එක්සෑම් සීසන් එකට කුප්පි දාන සෙට් එක අඩි දෙකක් තුනක් උඩින් යන්නේ... ඔලුවවත් හොල්ලන්නෑ දැනුම හැලෙයි කියලා.. පේන්නෑ අපේ පවිරුවා.. පොතේමයි.. උන් ටික මොනවා නැතත් හරි සරලව හිතට කාවදින්න කුප්පි කරනවා.. උන්ව එක්සෑම් කාලෙට ඇවිදින දෙවිවරු වගේ පෙන්නේ.. අනික උන් අන්තිම මොහොතේ උනත් බෑ නොකියා උගුර සවුත්තු වෙනකම් කෑ ගගහා කියලත් දෙනවා.. අපේ පවිරු එහෙම එක්සෑම් ඉවර උනාම බෙහෙතුත් ගන්නවා.. එච්චරටම අවුල්..

සින්නා කුප්පිය ඉවර කරලා කොමන් එකෙන් බැහැලා ගියාම අපි ඔක්කොම කෑ ගහගෙන එලියට පැන්නා... හැබැයි මාර ආසාවෙන් කුප්පියේ හිටියේ.. ආතල් එකේ කුණුහරුපත් එක්කම ඉගන ගත්තා.. ඔයිට වඩා ආතල් අපේම උන් කුප්පි කරද්දි..

දැන් තියෙන්නේ ඕපන් එකට ගිහින් කන්න.. ඒ කාලා ඉවර උනාම නිදහස් කියලද හිතුවේ.. නෑ... කෙලින්ම පව්වගේ කුප්පිය..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now