🌹 තිස් පස්වන දිගහැරුම 🌹

566 125 130
                                    

🌹 රෝ ස 🌹 35

..

..

..

..

ආ එන්න එන්න අක්කෙ.. ආ මොකෝ මේ.. චාඕ පුතා පිට ගෙයක් වගේ එන්න දරුවෝ ගෙට.... එන්න අනේ මෙහෙට.... මගේ බෑණා පොඩ්ඩ...

මංගල නැකතක්... ශියාඕ කායීගේ මූණ පිරෙන්න තියෙන හිනාවත් වගේම ඔහුගේ සහෝදරියත් ඇගේ එකම පුතුත් වලව්වට ආවේම කට පුරා හිනා වී ගෙනමයී...

ආ අක්කලා ආවද...

ඔව් නංගි එන්නම එපැයිනේ.. මේ දේවල් ඉක්මනින් අපි කතා බහ කරගන්න එක හොදයිනේ.. නැද්ද මල්ලි... කෝ බලන්න අපේ චූටී බෑණා...

වලව්වෙදි ශාන් කරපු හපන්කම් මේ ලෝකේ දෙයක් නොදන්න ශියාඕ කායීගේ සහෝදරිය ගෙට ගොඩ වෙන ගමන්ම කියද්දි උඩ තට්ටුවෙ ඉදන් යැංසි වගේම ශූලීත් සාලෙට එද්දි ශියාඕ ගුමීත් කුස්සියේ ඉදන් ආවේ කලබලෙන් කතා කරගෙනමයි...

නැත්තම් නැත්තම් අක්කා.. කෝ වාඩි වෙන්නකෝ.. යැංසි යනවා ගිහින් චූටීව එක්කන් එනවා...

කවදාවත් ආසාවට වත් යැංසිට ආදරෙන් අමතන්නෙ නැති ශියාඕ කායී අදත් සැර හඩින්ම ගෙදර වැඩකාරයෙක්ට අමතන ආකාරයෙන් අමතද්දි යැංසි බැලුවෙ ශූලී දිහා...

දැන් කොහොමත් මේ දේවල් කියන්නම වෙනවනෙ මේ ඉන්න වැඩිහිටි පාර්ශවයට... තවත් හංගන් ඉන්න නම් කිසිම හේතුවක් නෑ.. ඒ දෙන්නා ලස්සනට එයාලගෙ වෙලා අවසන් උනාට පස්සෙ මෙතන දැන් මෙයාලා මොන නැටුම නැටුවත් ඵලක් තියෙනවද...

මන් එක්කන් එන්නම් අපෙ මහත්තයා...

වෙන්න යන දේ සහසුද්දෙන්ම පැහැදිලි වෙලා යද්දි ශාන් යන්න ඕනා කියද්දි යන්න නොදුන්න එකේ බරපතළ කම පැහැදිලි වෙද්දි ශියාඕ ගුමී ඉක්මනින් උඩ තට්ටුවට යන්න හැදුවෙ ශාන්ට මේ වෙලාවේ ටිකක් ඉවසන්න මේ මිනිස්සු ගිය ගමන් යීබෝ ලගට එක්කන් යන්නම් කියලා ඒ පුංචි කොල්ලව කලබල නොවෙන තැනට පත් කරන්න හිතන් උනත්...

ඉන්න මමා...

ඇ.. ඇයි...

උඩට යන්න යන ගුමීගේ අතින් අල්ලගෙන ශූලී ඒ ගමන වලක්වද්දි ගුමී ඇහුවේ ඇස් හීන් කරලා...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓حيث تعيش القصص. اكتشف الآن