අනිවාරෙන් මන් පරක්කු නිසා අරුන් ටික මාව දාගෙන හොයනවා ඇති.. ඒ නිසා මන් පවිරුවට මැසේජ් එකක් දැම්මා ලයිබ්‍රි එකට ගියා ටිකකින් එන්නම් කියලා... මන් දන්නවා ඌ කොහොමත් ඕක විශ්වාස කරන්නෑ කියලා... ඒත් අඩුම තරමේ මට තනියම ඉන්න ඕනි කියන එක ඌ තේරුම් ගයිනේ...

මන් ටැප් එක ඇරලා නෑවිලා යන්නම මූණත් හෝදගෙන  බැක්ටු නෝමල් චරිතෙට ඇවිත් එලියට ආවා.. දැන් මෙහෙම යන්න බෑ අරුන් ගාවට.. මූණත් එක්ක රතු වෙලා හෙම්බිරිස්සාවටත් වගේ... ඒ නිසා ඒ ගතිය ඇරිලා යනකම් ටිකක් වෙලා ඉන්න හිතලා මන් වොෂ් රූම් එක ඉස්සරහ සමර් හට් එකට ඇවිත්  ඉදගත්තා.. මම මෙහෙම ඉන්නවා පවිරුවා දැක්කොත් ඌ කෙලින්ම ගිහින් ගහන්නේ උගේ ආදරණීය රෙපාට.. අන්තිමේට හැමෝම ගැන හිතලා තීරණේ ගත්ත උට වෙන්නේ මන් නිසා මැරුම් කන්න..

මූඩ් එක ෆික්ස් වෙන්නත් එක්ක මන් මගේ කුටු කුටු නොකියාව එළියට ඇදලා අරුන්ගෙන් තියෙන මැසේජ් වත් බලන්නේ නැතුව  නයි ගේම් එක ගහන්න ගත්තා... මන් මේ ගේම් එකේ එක්ස්පරට් කෙනෙක්.. කාටවත් බැරි උනා තාම මාව බීට් කරන්න මේකෙන්.. ස්ට්‍රෙස් රිලීස් කරන්න මන් රෙකමන්ඩ් කරන හොදම ගේම් එක.. මොකද මේක ප්ලේ කරද්දි වෙනම ස්ට්‍රෙස් එකක් එනවනේ..

ටික වෙලාවක් ෆෝන් එකේ සිහියෙන් නයාට කව කව හිටියා.. මට කාලෙකින් උට හරියට කවන්නත් බැරි උනානේ.. ඒ අස්සේ මට කවුරුහරි බලන් ඉන්නවා වගෙත් දැනුනා.. මොකද මට හොද ඉවක් තියෙනවා එහෙන් මෙහෙන් ඩාං ඩූං උනාට... මන් පොඩ්ඩක් ඔලුව උස්සලා ඇන්ටනාව දාලා බැලුවා සතර දිසාවටම..

කවුරුත් නෙවේ ඒ ගවේෂ් අයියා... මූ නම් යන යන තැන ඉන්නවා.. එක්කෝ මගේ වෙලාව හොදනෑ.. එහෙම නැත්තං උගේ වෙලාව හොදනෑ.. ඩයල් එක දැල් වැටට එහා උන්ගේ වොෂ් රූම් එකේ ඉදලා මන් දිහා බලාගෙන ෆෝන් එක ඔබනවා...

දැන් එද්දිත් මගෑරලා ආව නිසා මේ මනුස්සයට කොමන් සෙන්ස් නැද්ද දන්නෑ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.. මෙතෙන්ටත් ඇවිත් බලං ඉන්නවා.. උසට උසේ තාප්පේ වගේ හිටියට මන් නම් තමුසෙව ආයේ ගණන් ගන්නෑ.. මොකද අර ඉදුවරයා ආයෙත් අපි එකට ඉන්නවා දැක්කොත් මන් වසලා හමාරයි.. ජේඩා අයියත් ඇවිල්ලා.. ඌ නිකන් අර මොකාද එකාවගේ පිටිපස්සහට වෙලා ඉන්නවා... මට ඌවත් පේන්න බෑ.. ඔක්කොටම හපන් අර සැගා කියන එකා.. ඌනම් මේ ටිකේ පෙන්නම නෑ... එහෙම පේන්නැති තරමටම හොදයි.. මන් දෙන්නටම රවලා මගේ පාඩුවේ ගේම් එක ගහන්න පටන් ගත්තා.. බලන් ඉදලා ඇති උනාම යන්නේ නැතෑ.. 

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now