Chapter 22

808 165 26
                                    

මම ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරලා ඉවර කරා.. දැන් කොල්ල නිදහස්.. අපේ පේන්ටින් ෆීල්ඩ් උන් බාගෙට බාගයක්ම ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරලා තිබ්බා..  සෙට් එකත් එක්ක උදේ පාන්දරම ගිහින් ප්‍රොජෙක්ට් එක ඩිපාට්මන්ට් එකට බාර දුන්නා.. මොකද දවල් වරුවේ යනවා කියන්නේ උන් නාලා කාලා බිලා එනකම් පැය දහයක් විතර රස්තියාදු වෙන්න වෙනවා කියන එක.. රජයේ කැම්පස්නේ මෙව්වා..

ගෙමිදුවානම් තාම කලර් කරලා ඉවර නෑ කිව්වා... ඒ නිසා උට හෙට තමා ඒක බාරදෙන්න වෙන්නේ.. උගේ කවුද අයියා කෙනෙක් ගමේ ඉදලා ආවා කියලා උට වැඩේ කරගන්න බැරි උනාලු.. අනේ උගෙත් හෙන පොයියනේ..
මඩයා උගේ මැටි ෆීල්ඩ් එකේ උන් එක්ක අපිටත් කලින් වැඩ ඉවර කරලා තිබ්බා.. කෝමත් උන් සෙට් එක හෙනම ඇක්ටිව්.. වෙලාවට කලාවටම වැඩ...

මන් ඉතින් උදේ ආව ගමන්ම මැනේජ්මන්ට් එකේ සිද්දිය පවිරුගේ කනේ තියලා ඌව හොදට අවුස්සලා ඉන්නේ.. ඊයේ අර කලබල අස්සේ ඒක කියන්න අමතක උනානේ.. එක්සෑම් එක ඉවර උන ගමන් අරූව අල්ලගයි.. මන් කියන්නේ හොදම යාළුවෙක් උනාම ඒ වගේ පාවා දෙන්න ඕනි..

ප්ලෑන් කරපු සතියටත් කලින් දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අපි ඔක්කොම වගේ එක්සෑම් එකට හොදටම ෆ්‍රී උනා.. මොකද දැන් ෆයිනල් ප්‍රොජෙක්ට්, බාහිර වැඩ සේරම ඉවරයිනේ..
කලින් කතාකරගත්ත විදිහට බැජ් එක පිටින් වලට සෙට් වෙලා මීටින් එක්කුත් දාගෙන කුප්පි ලිස්ට් එක්කුත් හදාගත්තා.. සාමාන්‍යයෙන් අපිට සීනියර්ස්ලගෙන් ඕනි කුප්පි අඩුම සතියකටවත් කලින් ඉල්ලලා තියෙන්න ඕනි.. මොකද එයාලත් එක්සෑම් කරන අස්සේනේ අපිට කුප්පි දාන්නේ..

ඒ වැඩත් ඔක්කොම කරගෙන ඕපන් එකට ගිහින් දවල්ට කාලා ස්ටුඩියෝ එක පැත්තෙත් රවුමක් දැම්මා..

මන් තාම ගවේසාන්ව දැක්කේ නෑ.. කැන්ටිමේ හිටියෙත් නෑ.. මොකද දන්නෑ පේන්නවත් නැත්තේ.. කදු නැගලා අමාරුවට කොට්ටේ බදන් බුදි ඇති මෙලහකටත්...

අරහෙ මහෙ රවුන් දාලා අපි ආවා අපේ සුපුරුදු පොට් එකට... මම හිටියේ ගල් බැම්මේ ඉදගෙන තේක්ක ලීයක කැටයමක් කපන ගමන්... මේවනම් ඉතින් කෙලින්ම ඉල්ලන් කන වැඩ.. ඇග්‍රී ෆැකල්ටියේ උන් මොකක්ද ෆන්ෂන් එකක් කරනවා කිව්වා.. උන්ට AD සර්ට දෙන සුවනියර් එක සුපිරියටම ඕනි කියලා අපෙන් හෙල්ප් එකක් ඉල්ලුවා.. අන්තිමට ඒක ගහලා ගියේ මගේ ඔලුව උඩින්.. මේවා සාමාන්‍යයෙන් අපේ ෆස්ට් ඉයර් ජුන්නෝ කරන්න ඕනි වැඩ.. ඒත් උන්ට අපිටත් කලින් එක්සෑම් පටන් ගත්තා.. ඒ නිසා හැම බකට් එකක්ම දෙවනි පන්තියේ ඉන්න අපිට තමා...

SITHTHARA | COMPLETEDKde žijí příběhy. Začni objevovat