Chapter 19

828 150 26
                                    

"Well done... කිසිම ප්‍රශ්නයක් උනේ නෑනේ?"

"........."

"ඒකට කමක් නෑ ඩේව්.. මන් ආවම ඒ ගැන බලාගන්නම්"

"........"

"And keep this as a secret from dada, Okay?

"........."

"Fine um gonna call you back, Bye"

බීප්... බීප්..

නින්දෙන් හිටිය මට ගොඩ සුද්දෙක්ගේ කැතලික් කෝල් එකක්ට ඇහැරවුනා.. හිච්චි සන්දියේ ඉදලා නැගිට්ට ගමන් එකපාරට ඇස් අරින්න බැරි අමාරුවක් තියෙනවනේ.. ඒ නිසා මන් එහෙට මෙහෙට දගලලා නැගිටින්න හැදුවත් ඇග පොඩ්ඩක්වත් හොලවගන්න බැරි උනා..
හරියට නිකන් ඇග හරහා මොකක් හරි පටියක් දාලා වගේ..
ඒ නිසා මන් නින්දෙන්ම වගේ ඒක අයින් කරන්න බැලුවා...
හරියට නිකම් සීට් බෙල්ට් එකක් දාලාවගෙනේ...
සීට් බෙල්ට් එකක්??

"ආයිෂ්..!!"

ඉන්න තැන මතක් වෙලා එකපාරටම නැගිටින්න ගියත් එහෙම්ම මාව ආපස්සට ඇදිලා ගිහින් ආයෙත් සීට් එකේම දඩස් ගාලා වැදුනා... ලබ්බේ සීට් බෙල්ට් එකක් දාලානේ.. තව පොඩ්ඩෙන් කොන්දත් ලෙෆ්ට්..
මට ටික වෙලාවක් ගියා මන් ඉන්න පොශිෂන් එකත් තේරුම් ගන්න.

සීට් එක සම්පූර්ණයෙන්ම වගේ පල්ලට ඇදලා මන් ඇදක ඉන්නවා වගේ සැපට නිදි.. ඒ අස්සේ ඇග උඩින් බෙඩ් ෂීට් එක්කුත් එලලා... මන් ඔලුව හරවලා බලනකොට ගවේෂ් අයියා ඉන්නවා ඩ්‍රයිව් කරන ගමන් මන්දිහා බලාන...

"අහ් මහලොකු ට්‍රැවලර් නැගිට්ටද?.."

"ආයිෂ්.. මේක උස්සනවකෝ හලෝ මට නැගිටින්න බෑ"

"ඉන්නවා චුට්ටක්.."

ගවේෂ් අයියා සයිඩ් කණ්නාඩිය බලලා පාරේ අයිනෙන් කාර් එක නැවැත්තුවා.. වාහනේ නවත්තලා කින්ඩි හිනාවක් දාගෙන මගෙ  සීට් එක කෙලින් කරවත් එක්කම මන් සීට් බෙල්ට් එකත් පන්නලා දැම්මා.. එතකොටනම් පුදුම නිදහස් දැනුනේ.. ලැජ්ජාව බාල්දියෙන් එකයි. මම සෑහෙන වෙලාවක් බුදියන් ඇවිත් තියෙන්නේ..

එයත් මන් වගේම සීට් බෙල්ට් එක පන්නලා දාලා අතේ හිරි ඇරියා.. අමාරු ඇති දැන් පැය කීයක්ද.. ඊට පස්සේ ෆෝන් එක අරන් මොනවදෝ කුටු කුටු ගාලා මැසේජ් කරලා කාර් එකේ එන්ජිම ඕෆ් කරා...

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now