Chapter 18

796 156 34
                                    

"දැන් උබ කියන්නේ හෙට නාරංගල හයික් කරන්න ගවේෂ් අයියා එනවා කියලද?"

"Yep"

මහ රෑම මම කේලම කියන්න පවිරුවව ගෙන්න ගත්තා. දැන් නම් වෙලාව එකොළහ හමාරයි. අපි හිටියේ ෆ්ලැට් එක උඩ ස්ලැබ් එකේ බැම්ම උඩ වාඩි වෙලා. මේ හරිය මාරම නිදහස්.. මොකද මේ වගේ යක්කු ගස් නගින වෙලාවට කවුරුත් උඩට එන්නේ නෑ. 
අපේ ෆ්ලැට් එක තමා මේ ඒරියා එකෙන් තියන උසම ෆ්ලැට් එක. ඒ නිසා පලාතම ලස්සනට බලාගන්න පුළුවන්. දැන් කරුවල වැටිලා නිසා හැම බිල්ඩින් එක්කම වගේ ලයිට්ස් දාලා. අන්න එතකොට මාරම වීව් එකක් තියෙන්නේ.

මේ ලේන් එකටම තියෙන්නේ ගස් හතරයි පහයි. අපේ ෆ්ලැට් එකට මීටරයක් විතර දුරින් දඩාරං මාර ගහක් තියෙනවා..  රෑ වෙනකොට ඕක වවුල් පාරාදිසයක්... ආයේ දැනටමත් වවුලොන්ගේ සද්දේ පටන් ගෙන තියෙන්නේ කනක් ඇහෙන්න නෑ.
කොහොමත් උදේට වඩා මේ වෙලාවට අපේ ඒරියා එකේ පුදුම වාහන සද්දයක් තියෙන්නේ. අපි ස්ලැබ් එක උඩම නිසා පල්ල පාරෙන් ඇහෙන සද්ද අඩුයි.
අපේ කොත්තු කඩේ සද්දෙත් ටිකක් ලාවට වගේ ඇහෙන්නේ. හැබැයි කාන්ති අක්කගේ පිරිත් නම් සුපිරියටම ඇහෙනවා.

අද හවස ගවේෂ් අයියා නාරංගල යන්න ඕනි කියද්දි මට පුදුම හිතුනා. එයා පොඩි කාලේ හයිකින් දෙතුන් පාරක් ගියාට ලොකු උනාම යන්න බැරි උනා කිව්වා. මන් බෑම කියද්දි ස්තූතිය පිලිගන්නනම් එක්කන් යන්න කිව්වා. උගෙත් නැට්ටේ ඉදලම කපටිකම...ඉතින් ඒ වෙලාවේ නම් අච්චර දෙයක් කරල මාව බේරගත්ත මිනිහට බෑ කියන්න මගේ දිව නැමුන්නෑ. අනික එයා ගාව වැඩක් ගන්නැති කැන්වස් ස්ටෑන්ඩ් එකක් තියෙනවා ගෙනල්ලා දෙන්නම් කියලත් කිව්වනේ... අන්තිමේට මනුස්සයගේ වදේ ඉවසන්න බැරිම තැන ගෙනියන්න ඕනි දේවලුයි, එන්නෝනි වෙලාවයි කියලා හරවලා යැව්වා.

"රංජියා ආයෙත් උබට කේස් එකක් අදිනවා ෂුවර්"

"ම්ම්... මටත් ඒක හිතුනා"

"එහෙනම් දැන්වත් වරෙන් අපේ ගෙදර යන්න"

"උබ දන්නවනේ පවිරුවා. මන් එන්න අකමැත්තක් නෙවේ උඹලට මාව ගෙන්නගෙන-"

"හරි හරි ඇති මන් දන්නවා ඉතුරු ටික. එහෙනම් ඌ ඇවිල්ලා දෙකක් ඇනලා යනකම් මේකට වෙලාම ඉදපන්"

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now