🌹 විසි අටවන දිගහැරුම 🌹

Start from the beginning
                                    

ගිණි රස්නෙයි බන් උබ...

ජියා යීබෝගෙ ඔලුවත් අත ගගා උන්නා කැශියර් එකට හේත්තු වෙලා.. පව්.. ලස්සන ආදර කතාවක්... පවුල් තරාතිරම් නිසා දෙන්නා දෙතැනක විදවනවා...

යීබෝට නැත්තේ සල්ලිද.. නෑ.. යීබෝට සල්ලි තියෙනවා.. ඕන දේකට මිනිස්සු ඉන්නවා.. හැබැයි වලව්වෙ අය කියනවා වගේ යීබෝට නැත්තෙ එයාලට වගේ තත්වයක්.. උසස් කුලයක්...

ම්ම්... ආදරේට කොයින්ද නේද ජාති බේදයක්.. කුල බේදයක්... පිස්සු.. මිනිස්සු ආදරේ කරන්නෙ හදවතට දැනෙන කෙනාට.. නැතුව මේ කුලෙන් උසස් අයට නෙවෙයි...

මගේ හිතට හරි නෑ ජියා.. එයා හොදින්ද දන්නෑ.. මට රෝස මල ගැන බයයි බන්...

ඇ.. ඇයි උබ එහෙම කියන්නෙ...

ජියා අත් දෙකෙන්ම යීබෝගේ නලල මසාජ් කරන ගමන් අහද්දි යීබෝ ලොකු හුස්මක් පහළට දැම්මා...

මැරිලා ගියත් මට ඇරෙන්න කාටවත් ආදරේ කරන්නෙ නෑ කිව්ව බන්...

ඉතින් යකෝ ඒ කොල්ලා එයාගේ ආදරේ එච්චරටම ලොකුයි කියලනෙ ඒ කියලා තියෙන්නෙ...

ඒක හරි.. ඒත් එයා සාමාන්‍යයෙන් මැරෙන කතා කියන කෙනෙක් නෙවෙයි.. මම කිව්වත් මටත් බනිනවා.. එහෙව් එකේ එයා එහෙම කිව්වනෙ... ඒක මගෙ හිතට හරි අමුතුයි බන්...

හිතේ කරදර නිසා උබට ඔහොම හිතෙනවා ඇති බන්.. කොල්ලා දවල් කතා කරානෙ.. අපි තව බලමුකො... ම්ම්.. උබ යමන්.. ටිකක් නිදාගනින්... උබට නින්ද යනකල් මන් උබේ ඔලුව අතගාන්නම්.. යන් ගෙට....

ජියා යීබෝගේ අතින් අල්ලන් නැගිට්ටවන ගමන් කියද්දි කඩේ වහලා තියෙන වීදුරු දොරට කවුරු හරිම තට්ටු කරනව ඇහෙද්දි ජියා ඒ පැත්ත බැලුවෙ රවාගෙන...

කඩේ වහන්න යද්දි වත් කඩේට නෑවිත් ඉන්න බෑනේ බන් මිනිස්සුන්ට..

පව් බන්.. ඔන්න ඕක ඇරලා බඩු ටික දීලා දාමු...

යීබෝ ආයෙමත් වාඩි උනා කැශියර් පුටුවෙන්... ජියා කේන්තියෙන් පුප්පන ගමන් කඩේ වීදූරු දොර ලගට යද්දි වීදුරු දොරෙන් එහා ඉන්න රූපේ දැකලා ජියාගේ කට බෝක්කුව වගේ ඇරුනා විතරක් නෙවෙයි..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now