දඬු මොණරු 16

Începe de la început
                                    



"දැන් කොහොමද මගේ ඇටි කිච්චට"

යශ් අයියා රෑ වෙලා කෝල් එකක් අරන් එහෙම ඇහුවත් ඉස්සර වගේ ඇටි කිච්චා කිව්වම මට තරහ ගියේ නෑ. මොකද ඉතින් එයා ' මගේ ඇටි කිච්චා' කියලනේ දැන් කියන්නේ.

"දැන් නම් හොඳයි අයියෙ"

"මට තමුසෙව බලන්න ඕන නේත්‍ර, අදත් එළියට එන්න බැරිද"

" මල්ලි ඉන්නවනේ අයියෙ"

"මල්ලි නිදා ගත්තම, ඊයේ වගේ"

"හා එන්නම්"

"මං තියනවා එහෙනම්, ඇවිත් කෝල් එකක් දෙන්නම්"

"හරි අයියෙ"

කාමරේට වෙලා රහසින් කුටු කුටු ගෑවත් මල්ලිට ඕවා ඇහුණොත් නම් ඉවරයි. අදත් යශ් අයියා එනවලු. එයාව මතක් වෙද්දි දැනෙන අමුතු කිතිය ආයෙත් දැනුනා. දැන් ඉතින් රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ.

"අයියෙ හෙට ඉස්කෝලෙ යනවා නේද"

"ඔව් බං යන්න ඕන, දැන් හොඳයිනෙ"

"අද ඉඳන් හවුස් මීට් එකේ වැඩත් පටන් ගත්තා අයියෙ. තරඟ වලට නොයා බේරිලා හිටියෙ බොහොම අමාරුවෙන්, ඕවට යන්න බෑ අප්පා මට නම්"

"ඇයි ඒ මොනවට හරි යන්න එපැයි"

"මැරතන් එකට යනවා හිතුනොත්, ධනුක එහෙමත් ඒකට යන්න ඕන කිව්ව.ඔයාටත් තරඟ වලට ඉන්න වෙයි නේද"

"හෙට ගියාම බලමු, ඒ උනාට ඕවා පටල ගත්තොත් වැඩට යන්න බැරි වෙයි. හසා එක්ක කතා කරන්න ඕන ඒක. ටීචර්ස්ල බලෙන්ම නම දැම්මොත් නම් ඉතින් කරන්න දෙයක් නෑ"

"ම්ම්ම් ඒකනෙ, මේ හෙට අදින යුනිෆෝම් නම් මැදලා තියෙන්නේ, අනිද්දා ඉඳන් තමයි ප්‍රශ්නෙ. තඹර අයියා හැමදාම ගෙදර ඉන්නවා නම් ෂෝක් නේද අයියෙ"

අම්මෝ ඉතින් ෂෝක් ෂෝක් තමයි, එහෙනම් ඉතින් ගෙයින් එළියට බැහැලා ඉවරයි. ලව් කරලාත් ඉවරයි දෙයියනේ.

"අයියා හවස කතා කරාම කිව්ව සෝමා නැන්දට දීලා මැද ගන්න කියල. එයා යද්දි නැන්දලාට මොනව හරි කියල යන්නැත්තේ..... මේ දැන් තමුසෙ වගා කරන්න ගත්තම ඒ දෙන්න ඇවිත් අනම් මනන් කියයි. ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්නවා. මේවා සීයගෙ ඉඩම්නෙ, එයා අවසර දීලනෙ තියෙන්නේ "

දඬු මොණරු Unde poveștirile trăiesc. Descoperă acum