🌹 විසි හයවන දිගහැරුම 🌹

544 121 67
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

අනේ ලොකූහ්....

ඇයි චූටී...

අපිහ්.. කාමරේට ගිහින් කතා කරමුකෝ... ප්ලීස්...

දැන් දැන් බය කියන දේ ඕනාවටත් වඩා දැනෙද්දි මුලු පවුලක් ඉස්සරහා මේ රෑ ගුටි කාලා ගෙයින් එලියට බහින්න තියන බය නිසා කෑම කාලා ඉවර වෙලා අත හෝදන කුවාන්ගේ ඇදුම මිරිකගෙන ශාන් කෙදිරි ගාද්දි ..

ඕකෙයී.. ඔයා කැමැත්තක්... කාමරේට යන්න.. මන් එන්නම්...

හා හා ලොකූ...

ශාන් ඉක්මනින් නැගිටලා ගිහින් කාමරේට දිව්වා... හරි ඉක්මනින් ෆෝන් එක අරන් ශාන් යීබෝගේ චැට් එකත් එක්ක ඩිලීට් කරලා දැම්මෙ ෆොටෝ නම් කොහොමත් හංගලා තියෙන නිසා...

Mage ayye.. cl wath msg wath ewanna epa man ewanakal.. loku innawa.. man adarei...

චැට් එක ඩිලීට් කරාටත් පස්සෙ ශාන්ට බය හිතුනා දැන් රෑ නිසා යීබෝ කෝල් කරාවි කියලා.. ඉතින් ඉක්මනින් ශාන් යීබෝට මැසේජ් එකක් තියලා ආයෙමත් චැට් එක ඩිලීට් කරා....

බය කියන දේ ඕනාවටත් වඩා දැනෙද්දි ශාන් ඇද මැදට වෙලා නියපොතු කන්න ගත්තේ කුවාන් එනකල් වත් ඉස්පාසුවක් නැතුව....

මේ කුවාන්ගේ හැසිරීමත් එක්ක ශාන්ට විස්වාසයි හැමදේම මේ වෙද්දි එයා දැනගෙන ඉවරයි කියලා... කවදා හරිම මෙයාලා ඒක දැනගන්නවා කියලා දන්නවා තමයි.. ඒත් බයයිනෙ...

හොරෙන් කරගෙන යන ආදර කතාවක් ගෙදරට අහු වෙද්දි දැනෙන්නෙ පුදුමාකාර බයක්.. ශාන් මේ වෙලාවේ ඒ බය අත්විදිමින් ඉන්නවා...

ආ චූටී.. මන් එන්නද...

හා හා ලොකූ...

ශාන් ඇදේ ඉදන් බෙල්ලත් දික් කරන් සිහින් හඩින් කියද්දි කුවාන් ආවා කාමරේට... එසැනින් ශාන්ගේ පපුව පුදුම තරම් වේගෙන් ගැහෙද්දි ...

ඇයි බය වෙලා...

ලො...ලොකූ....

චූටීයි කියලා හිතුවට චූටීම නෑ නේද දැන්...

අනේ.. ලොකූ... 😭😭😭

ශාන් අත් දෙකෙන්ම මූණ වහගෙන අඩන්න පටන් ගද්දි ශාන්ට ඇති වෙනකල් අඩාගන්න කියලා කුවාන් බලන් උන්නා....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now