පල්ලට ආවහම තිබ්බේත් ලිවින් රූම් එකක්. කොහෙන්දෝ වතුර සද්දෙකුත් ඇහෙනවා. වම් පැත්තේ පොඩි කිචන් එකක්. දකුණු පැත්තේ මොකක් හරි රූම් එකක්. ඒකේ දොර වහලා. මන් ලිවින් රූම් එක මැදට ඇවිත් වටේටම කැරකිලා බැලුවා. වෝල් එකේ එක පොඩි සයිඩ් එක්ක තනිකරම කන්ස්ට්‍රක්ෂන්ස් වලදි දකින විදිහේ ඩිසයින් තිබ්බේ. තේරෙන්නෙත් නෑ ඒවා. උඩ තිබ්බට වඩා ලොකු සෝෆා එක්කුයි, ටේබල් එක්කුයි, කබඩ් එක්කුයි ලොකු PC සෙට්අප් එක්කුයි මුළු ලිවින් එරියා එකටම තිබ්බේ. මන් එහෙම්ම ගියේ කිචන් එකට. එතන ඔක්කොම වගේ පොඩි පොඩි දේවල් තියෙන්නේ. පොඩි අවන් එකක්, ෆ්‍රිජ් එකක්, කබඩ් වගයක් එක්ක ගෑස් ලිපක්. අර වතුර සද්දේත් ලග ලගම ඇහෙන නිසා මන් වට පිට බැලුවේ කොහෙන්ද කියලා. එතකොට මන් දැක්කේ කිචන් එක මුල්ලේ බැක් සයිඩ් එක පැත්තට යන්න තියෙන පොඩි විදුරු දොරක්.

මන් ගිහින් ඒ ඩෝ එක ඇරලා කිචන් එකෙන් එලියට ආවා. මේක තනිකරම හෝම් ගාර්ඩ්න් එකක්. නැති දෙයක් නෑ වගේ. මන් එහෙම්ම සිලිපර්ස්වත් නැතුව ගාර්ඩ්න් එකට බැස්සා. මහලොකු ඉඩමකුත් නෙවේ හැබැයි හොදට මල් ගස් එලවළු පැල හදලා තිබ්බා. බිමට අල්ලලා තියෙන තණ කොළ වලට කිචිත් වගේ. අර වතුර සද්දේ එන්න එන්නම වැඩි නිසා මන් ගස් අස්සෙන් ඉස්සරහට ඇවිද ගෙන ආවා.

"මේ කවුද මේ"

මට හුස්ම ගන්නත් අමතක උනා. කවුරුහරි උසම උස සුදු හාදයෙක් පිටිපස්ස හැරිලා නානවා. තනි සුදු පාට කලිසමක් ඇදලා ඒක තෙමිලා ඇගටම ඇලිලා. මරු කද හැබැයි.

ඩ්‍රෝවින් එක්කට පට්ටම වීව් එකක්.

මෙතන තියෙන්නේ අවුට් ඩෝර් වොෂ් රූම් එකක්. ග්ලාස් ෂවර් එකක් එක්ක මොඩ්න් විදිහට හදපු සින්ක් එකක්. එතනනම් මිරර් එක්කුත් තියෙනවා. ඒ උනාට කවුද යකෝ මල් ගස් අස්සෙ බාත් ටබ් එකක් හිටෙව්වේ. මටනම් දැන් පිස්සු වගේ. මේ ගෙදර ඉදලා වටේම තියෙන්නේ මහ අමුතුම වයිබ් එකක්.

එක්කො මං මේ හීනයක් වත් දකිනවද නැත්තං බාලි ඇවිල්ලද කියලා හිතා ගන්න බෑ. ඒ හින්දා මම අත දිගෑරලා චටාස් ගාලා කම්බුලට පාරක් ගහගත්තා. පියවි සිහියට එන්නෝන උනාම මම ඒක තමා කරන්නේ. කෝමහරි මං මටම ගහගත්ත සද්දෙට අර නනා හිටිය කොල්ලා ගැස්සිලා වගේ පිටිපස්ස හැරුණා.

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now