🌹 විසි පස්වන දිගහැරුම 🌹

558 121 91
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

ඉතින් ඉතින් අද සතුටෙන් හිටියද මගේ චූටී පුතා...

ඕ.. අද නම් සතුට ගොඩා.....යී... පට්ට අනේ අද...

එහෙනම් කමක් නෑ... මගේ කොල්ලො දෙන්නා සතුටින් නම් මට ඕනා එච්චරයි...

පපා...

ම්ම්ම්...

සුදු අයියා මට ගොඩාක් ආදරෙයි...

වන්ග් කුස්සියේ ඉදන්ම ශාන්ගෙ හිස අතගෑවේ කොල්ලගේ මූණෙන් එකක්ම සතුට පෙනෙද්දි.. එහෙනම් යීබෝ අද දවසෙම ශාන්ව සතුටින්ම තියලා වගේ...

වගේ නෙවෙයි.. ශාන් උන්නෙ ඇත්තටම සතුටින්... උදේම පාක් එකට ගිය ජෝඩුව ජීවිතේ පළවෙනි වතාවට පාක් එක අස්සෙ ඉදන් ආදරේ කරේ ශාන්ව පැය ගානක් එක දිගට රතු වෙලා ඉද්දි..

ලැජ්ජයි තමයි නමුත් ඒ හැගීම කොච්චර ලස්සනද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම ඒක විඳලම බලන්නෝනේ...

මොකද මේ බණ්ඩිය කුරු කුරු ගාන්නේ... මොනා හරි ඕන වෙලාද දන්නෑ නේද...

සස කෑම ඕනලු ඉතින්...

දවල් වෙද්දි බඩ කුරු කුරු ගාන්න ගද්දි දෙන්නත් එක්ක චූටී ලස්සන කඩයක් අස්සට ගියේ ශාන්ට ආස දේවල් කන්න...

ඉතින් යීබෝ ශාන්ට ඕන කියන දේවල් අරන් දෙද්දි ලස්සන පුංචි ගඟක් අසල ඉදන් යීබෝ ශාන්ට කෑම කැව්වේ එයාගෙ ඇගටම හේත්තු කරන්...

ඇයී...හ්.. ඕම බලන්නේ...

කෑම කවන ගමන් තමන්ගෙ පපුව අස්සෙ ඉදන් උන්ඩි වෙන කොල්ලා දිහා යීබෝ බලන් ඉද්දි ශාන් ඇහුවෙ හොර මී පැට්ටෙක් වගේ බලලා... යීබෝට අද මේ දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ...

හොර හාවෙක් වගේනේ ඉතින්...

අනේ යන්න අප්පා...

යීබෝගේ එක බැල්මක් ඇති ශාන්ගේ මුලු සර්වාන්ගෙම උනත් රත් පැහැ ගැන්වෙන්න...

කොච්චර රතු උනත් ඉතින් ශාන් යීබෝ ලග උන්නෙ හරි සතුටින්.. ජීවිතේ පළවෙනි වතාවට ශාන් ලස්සනම ලස්සන දවසක් ගෙව්වේ යීබෝ නිසා...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now