🌹විසි හතරවන දිගහැරුම 🌹

627 121 74
                                    

🌹 රෝ ස 🌹24

..

..

..

..

එහෙනම් මගෙ මැණික පරිස්සමෙන් ඉන්න... හවසට වීල් එක එවන්නම්... ම්ම්... ආ.. මොනා හරි කන්න...

හී... චොකලට් එකකුත් දීලා කෑමත් දීලා තව මොනා හරි කන්න සල්ලිත් දෙනවද මට...

ඔව් ඉතින්.. මොනවා හරි කන්න ආස උනොත් මගේ රෝස මල අයියෝ මන් ලග සල්ලි නෑ කියලා හූල්ලන්න ඈ... ඒ නිසා මේක තියා ගන්න...

යීබෝ කිව්වේ ශාන් දාන් උන්න හෙල්මට් එකත් ගලවලා අරන් තමන්ගෙ අතේ පටල ගන්න ගමන්...

හෙල්මට් එක නිසා අවුල් වෙච්චි ශාන්ගේ කොණ්ඩෙ අතින් හදලා යීබෝ ශාන්ගේ මූණත් පොඩ්ඩක් අතගෑවා...

ඇයි මගේ රෝස මල... ම්ම්.. යන්න ඇතුලට...

වෙලාවත් ගත වෙන නිසා ශාන්ට පරක්කු වෙන්න නොදී යීබෝ ශාන්ට පෙන්නුවෙ ගේට්ටුව... ඒත් නැ ශාන් යීබෝගේ අතේ එල්ලිලා හේත්තු උනේ යීබෝගේ ඇගට... වටපිටාවේ කවුරුත් බලන් ඉන්නවද දන්නෙත් නැ.. මේ කොල්ලා තුරුල් උනානේ.. යීබෝ වටපිට බැලුවෙ අවුලක් නැද්ද කියලා..

ඇයි සුදු මේ....

යීබො ශාන්ගෙ පිට හරහා අත යවලා ශාන්ව ඇගට වත්තම් කර ගත්තේ බයික් එකේ උන්න විදියටමයි...

ආයේ ඔයා එක්ක තනියම කොහේ හරි යන්න ආසයි අයියේ....

අනේ ඉතින්.. එක්කන් යන්නම් පණ...

පපා නිසා ගමේ ආයේ ඇවිදින්න මට බැරි වෙයි මගෙ අයියේ.. මමා මට කිව්වා එයාව කේන්ති ගස්සන දේවල් නොකර ඉන්න කියලා.. අපි පරිස්සම් වෙන්නත් ඕනනෙ.. ඉතින් ගමේදි ඔයා එක්ක මට නිදහස්.......

කොහෙද පණට යන්න ඕනේ කියන්න... ඇයි වස්තුව මට කලින් කිව්වෙ නැත්තෙ ම්ම්ම්.. මේ ටිකේම ඔයා මොකක් හරි කියන්න ගිහින් ගිල ගත්තා.. එහෙම බෑ හරිද ආයේ.. මොන දේකට හරි ආසයි නම් ඒක මට කෙලින්ම කියන්න ඕනේ...

ම්ම්...

ශාන් යීබෝගේ ඇගෙන් ඈත් උනේ ඉස්කෝලෙට යන්න... හිතක් නම් නෑ මේ ගේට්ටුවෙන් ඇතුලට යන්න... ශාන් දවස් ගානක ඉදලා හරි ආසාවෙන් බලන් උන්නෙ යීබෝ එක්ක කොහේ හරි ඇවිදින්න යන්න..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now