🌹 විසි තුන්වන දිගහැරුම 🌹

588 130 123
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

ආ මෙන්න.. හොරෙක් වගේ ඇවිල්ලනෙ...

ආවා ඉතින්... අයිස්කීමක් කන්නම්ද...

මහන්සිද ම්ම්... මගෙ මැණිකට...

ඔව්නේ...

ත්‍රීවිල් එකේ ඇවිල්ලා මහන්සියි.. හා හා යන්න අයිස් ක්‍රීම් එකක් අරන් කන්නකො.. එතකොට මහන්සිය යයිනෙ... මගේ චූටී රෝස මල... උම්ම්ම්ම්ම්ම්ම්මා

යීබෝ උන්නෙ කඩේ... මින් රෑන්ග් එක්ක ස්ටොක් රූම් එක අස් කරන්න ගිහින් උන්නෙ අලුත් බඩු ස්ටොක් එකක් හෙට එන නිසා..

නිවැරදි ස්තාන වල අදාල දේවල් තැම්පත් නොකළොත් වෙන්නෙ ඊටපස්සෙ වැඩ වැඩි වෙලා කලබල වෙලාවට ඕන කරන දේවල් හොයාගන්න බැරි වෙන එක...

අනික හරියටම අලුතින් එන දේවල් තැම්පත් කරන්න ඕනේ.. මොකද ඊයේ තිබ්බ ගනන් නෙවෙයි ගොඩක් වෙලාවට අද තියෙන්නෙ.. ඉතින් අඩු ගනන් වල ස්ටොක් මුලින්ම මිනිස්සුන්ට දෙන්න ඕනේ... ඊටපස්සෙ තමයි වැඩි ගනන් වල ඒවා...

යීබෝ කියන්නෙ පිලිවෙල උපරිමයෙන්ම තියෙන මනුස්සයෙක්.. කොයි වෙලාවක වත් කල් පැන්න දෙයක් යීබෝ අතින් නම් විකිනෙන්නෙ නෑ.. ඒකට ලොකුම හේතුව ජියාගෙ උදව්වෙන් යීබෝ හැමදේම ලස්සනට කළමනාකරණය කරන එක...

කොච්චර කියෙව්වත් ජියා අතින් නම් යීබෝගේ කඩේට වෙන සේවාව සුලුපටු නෑ... සතියට දවස් දෙකක් ආවට මොකෝ කොල්ලා හරියටම සතියෙම කරපු කියපු දේවල් බලලා සතියෙ ලාභය පවා බලලා දෙනවා යීබෝට.. ඉතින් ජියා යීබෝට ලොකු උදව්වක් දෙන මනුස්සයෙක්...

යීබෝගේ ණය පොතේ මේ වෙද්දි ගොඩක් ණය වෙච්චි මිනිස්සු ණය පියවලා තියෙද්දි සමහරු මාස ගනන් එක දිගට ණයට බඩු අරන්...

ඒත් ඒ සමහර මිනිස්සුන්ට එදා වේල වත් කන්න නැතුව ඉන්නේ.. රස්සාවක් නෑ.. හරි අසරණයි... ඉතින් ඒ මිනිස්සුන්ගෙන් ණය සල්ලි ඉල්ලලා තිරිසනෙක් වෙන්නෙ කොහොමද...

කඩයක් කරන මනුස්සයෙක් දියුණු වෙන්න ඕන නම් ඒ මනුස්සයගෙ හොද හිත... උණු වෙන හිත මරලා දාන්න ඕනේ.. නැත්තම් හදවත උණු වෙන්න වෙන්න කඩකාරයා නොමිලේ බඩු දෙන්න යනවා.... ඒක යීබෝ නොදන්න කරුණක් නොවුනත් අදටත් යීබෝ කියන්නෙ එයාගෙ පියා වගේම හොද හදවතක් තියන මනුසායෙක්...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now