Chapter 05

955 173 22
                                    


'ක්ම්හ්...'

මන් ගවේෂ් අයියා හොයාගන්නකොට එයා හිටියේ ෆැකල්ටිය ඉස්සරහා තිබ්බ වුඩ්න් ඩෙක්ස් එකක් ළග. ඔලුවවත් උස්සන්නේ නැතුව වටේ පිටේ ගැන කිසි ගානක් නැතුව බංකුවට වෙලා ඉදගෙන මොනවද ෆයිල් වගයක් බලනවා. ඩෙස්ක් එක පුරාම ෆයිල්. හෙංචයියෝ ටිකනම් පේන්න නෑ වගේ. තිවාන් අයියනම් මන් එනවත් එක්කම තමා ෆැකල්ටිය ඇතුලට ගියේ. සැක් මාව දැක්කෙවත් නෑනේ. ආවා කියලා කියන්න මන් පොඩි කැස්සක් දැම්මම පොර වැඩේ නවත්තලා මගේ උඩ ඉදලා පල්ලට බලලා මූණ අමුතු කර ගත්තා. ට සිරි දැන්නේ මතක් උනේ. අර ගෙම්බව බදාගෙන ඉදලා ඇදුමවත් හදාගන්නේ නැතුවනේ ආවේ. කොණ්ඩෙත් ඇති කපුටු කූඩුව වගේ. මන් තනි අතින් කොණ්ඩේ හදලා ටාර් ගාලා ඇරිලා තිබ්බ බොත්තම් දෙක තුන දාගත්තා.

"මෙතන කොණ්ක්‍රීට් කණුව වගේ හිටන් ඉන්නැතුව ඉදගන්නවා"

ගවේෂ් අයියා එයාට මෙහා පැත්තේ බංකුව ඇස් වලින් පෙන්නද්දි මන් වටපිට බලලා ඉදගත්තා. සැගා අයියා කේස් දාපු වෙලේ බේරලා යැව්ව නිසා කටවහන් ඉන්නවා. නැත්තං දෙකක් කියනවා මං.

" ඩිසයින් ෆයිල් එක කෝ?"

හුටා බෝඩිමේ නේද. මන් අත් දෙක දිහා බලලා ගොන් හිනාවක් දැම්මා. අයියෝ පුතුවියෝ උබර් මොන සිහියෙන්ද ඉන්නේ.

"අහ්..ම් මේ මේකයි මේ-"

"අමතක උනා එහෙමනේ?"

"ඇත්තම කිව්වොත් මේකයි-"

"අයිසේ මේක සෙල්ලමක් නෙවේ. තමුන්ට දීලා තියෙන්නේ එන්ට්‍රන්ස් එක බලන්න. අපි වැඩ පිළිවලට වෙලාවට ඇරේන්ජ් කරලා තියෙන්නේ. තමුන්ට ඕනි ඕනි විදියට මේක කරන්න බෑනේ. ලන්ච් බ්‍රේක් එකේ හරි කමක් නෑ ගිහින් දවල් දොළහ වෙන්න කලින් ෆයිල් එක ගෙනල්ලා පෙන්නනවා."

"පයින්ද?"

"පයින් බැරිනම් තටු ගහලහරි අරන් එනවා ඕයි"

"ඕයි ඕයි ගාන්නේ. තමුන්ට මාව කරත්ත කාරයෙක් වගේ පේනවද?"

"අයිසේ මේ මගේ යකා අවුස්ස ගන්නේ නැතුව කිව්ව දේ කරනවා. තමුසෙලා මෙහෙම කෙයාලස් විදිහට වැඩ කරනවනම් තමුසෙලාගේ සීනියර්ස්ලටම කියලා මේකෙන් කපලා දාන්නම්. වැඩක් දුන්නම හරියට කරගන්න බෑ හැබැයි කටනම් තියෙනවා හෙප්පුව වගේ."

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now