Chapter 04

1K 175 24
                                    

"ගෙම්බාගේ එප්‍රන් එක මන් ලග දීලා එනකම් හිටපන්  ඌ අද ටවුන් යනවා කිව්වා. මේ හෙල්මට් එක තියාගනින්. මන් රෙපාටත් කියාගෙන එන්නම්"

පවිරුවා හෙල්මට් එක මගේ අතට දීලා අපහු ෆැකල්ටිය පැත්තට දිව්වා. මන් හිටියේ හෝන්දු මාන්දු වෙලා වගේ. අද දවස හරිම මහන්සි දවසක්. උදේ ඉදල ප්‍රොජෙක්ට් වලට නැහිලා නැහිලා මීටින් අස්සේ රිංගලා වැඩි වැඩත් දාගෙන හවස පොටරි ස්ටූඩියෝ එකට බඩු ඇදලා එලි බහිනකොට 5.00 යි වෙලාව. ඇගත් එක්ක හිරි වැටිලා වගේ. අද පේන්ටින් කරේ නැති නිසා ඇගේ කොහෙවත් පාට ගැවිලා තිබ්බේ නෑ. එකට හරියන්න ෂර්ට් එකේ තැනින් තැන ක්ලේ පැල්ලන් තිබ්බා. එප්‍රන් දැම්මට වැඩක් නෑ මට වැඩක් කරන්න ගියාම සිහිය නෑනේ. මේ වෙලාව තමා ෆැකල්ටියේ ඔක්කොම එලි බැහැලා බෝඩින් වලට හොස්ටල් වලට දුවන්නේ. මන් හිටියේ ෆැකල්ටිය ඉස්සර තියෙන තඩි මාර ගහට හේත්තුවක් දාගෙන පාරේ පාළු කන්නා වගේ එන එන එකාට බායි කිය කිය ෆිස්ට් බම්ප් දිදී.

නිකමට වගේ රබර් ඇහැ දාලා බැලුවා ඉන්ජොන්ගේ එරීයා එකට. අල්ලපු වැටනේ අනේ. හොයලා බලන්න එපැයි උන් ගැන. තාමත් එතන කට්ටිය පිරිලා. උන්ගේ exhibition එක නිසා කට්ටිය සෑහෙන්න බිසී. යන්න තියාගෙනත් උන්ට වැඩ. ඔහොම තමා ඉවෙන්ට් තියෙන දවස් වලට. මන් බලාගෙන ගවේෂ් අයියා කට්ටියක් වට කරගෙන එලියේ ලී වලින් හදලා තිබ්බ ටේබල් එකක් උඩ ඉදගෙන හෝ ගාලා කියවනවා. පොර අතින් පයිනුත් ඇක්ෂන් දානවා. මූ නිකන් මිෂන් එක්කට ලෑස්ති වෙනවා වගේ. තිවාන් අයියත් මොනවද කොල කෑලි වගේකුයි ෆයිල් වගේකුයි පෙන්න පෙන්න ඉන්නවා. බජට් ෆයිල් එක වෙන්නෝන. මන් ඉතින් හොම්බත් දික්කරගෙන බලන් ඉද්දි වගේ ගවේෂ් අයියා ඇස් එහා මෙහා කරද්දි මාව දැකලා ටාර් ගාලා ආයෙත් පාරක් මන් දිහා බැලුවා. මන් ඉක්මනට අහක බලාගත්තා. ඩයල් එක දැක්කද දන්නෑ මන් බලන් ඉන්නවා. ඒ එක්කම පවිරුවා ඈතින් බෙරිහන් දීගෙන ආවා.

"අම්මෝ යමං යමං. කදේට අහූඋනා එතනත්. කෝ දීපං හෙල්මට් එක"

මන් උගේ හෙල්මට් එක අතට දීලා මගේ එක මෙතන ඉදලම ඔලුවට දාගෙන ඇවිදින පිටසක්වලා වගේ උගේ පස්සෙන් එන්න ආවා. නිකමට වගේ යන ගමන් හැරිලා බැලුවා. ගවේෂ් අයියා ඉන්නවා බුම්මට්ටා වගේ තාම මන් දිහා බලාගෙන. මූ ගැස්සිලා වගේ අහක බලා ගත්තා. මට කට කොනින් හිනාවක් ආවේ උගේ ඇක්ෂන් එකට. හොරයක් අහු උනා වගේ. කියුට් ලුක් එකක් නැතුවම නෙවේ.
ඒත් මට ඕකව පේන්නම බෑ. ආසම නෑ. යන ගමන්  මට මතක් උනේ වොෂ් රූම් එකේ සිද්දිය.

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now