🌹 විසිවන දිගහැරුම 🌹

651 134 95
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

ශික්... ඌ නම් කොහොමත් මගෙ ළමයෙක් වෙන්න බෑ.... යකෝ ඌ මාව ගමක් ඉස්සරහා ලැජ්ජ කරා යකෝ............ව්.....

ශියාඕ කායී.. වලව්වට ආ විගසම වලව්වෙ සාලේ පුරාම තියෙන බඩු බාහිරාදිය එහේ මෙහේ විසි කරමින් පොළවෙ ගසා කුඩු පට්ටම් කරමින් කෑ ගැහුවෙ සුපුරුදු විදියට වලව්වෙ වහල පවා උඩ යන්න....

කායී මේස පුටු පවා කනපිට පෙරලුවෙ තමන්ගෙ හිතට දැනෙන කේන්තිය පාලනය කර ගන්න බැරි නිසා..

පපා මොකද අනේ මේ...

උබත් පලයන් ශූලී යන්න අහකට....

මේ විකාර සේරම යැංසි හා ගුමීගේ ඇස්පනාපිටම පේන්න තිබ්බත් ඒ දෙන්නගෙන් කවුරුවත්ම වචනයක් වත් නොකියා ඉද්දි වලව්වෙ තියෙන වටිනා කියන බඩු පවා කායී පොලේ ගහනවා බලන් ඉන්න බැරි කමට ශූලී කාමරේ ඉදන් කෑ ගගහා ආවේ නොන්ඩිත් ගගහා...

ඒත් මේ වෙලාවෙ ශූලීවත් කියන කිසි දෙයක් අහන්න ලෑස්ති නැති කායීට මතක් උනේම ශාන් යීබොගේ ඇගේ එල්ලිලා උන්න විදිය... යකෝ ඒ හිගන්නගෙ පපුව බදාගෙන තොදොල් වෙච්චි විදිය බලපල්ලකො...

මේවා දකිද්දි මේ අහංකාර වලව්කාරයට ආවෙ එසේ මෙසේ කේන්තියක් නෙවෙයි...

ඔක්කෝටම හපන් දන්න කාලේ ඉදලම ගම්මුන්ව වහල්ලු වගේ තියන් උන්න මේ වලව්වෙ හාමු මහත්තයා ඒ ගම්මු ඉස්සරහම අද වින්ද ලැජ්ජාව... ශාන් කියපු දේවල් නිසා ආයේ ලැජ්ජාවක් තියෙනවා නම් හාමු මහත්තයට වලව්වෙන් දොට්ට බහින්න බෑ....

මොකක්ද උනේ කියන්නකෝ පපා...

ගිය ගමනෙ උනේ මොකක්ද කියලා කිසිම දෙයක් කායී ඇරෙන්න මෙතන ඉන්න ගෑනූ පරාණ තුනම නොදන්න නිසා ශූලි කුතුහලයෙන් අහද්දි...

උනේද... ආ.. උනේද... අර වලව්වෙ චූටී බේබී කියන ගල් මූසලයා අර හිගන කඩකාරයා වන්ග් ගෙ පුතාගේ ඇගේ එල්ලිලා උගේ ගුණ වැයුවා... ඌ නෙවෙයිලු මමලු දැන් මේ ගමෙ හිගන්නා... ශා නියමයි.... ඌට සෑහෙන්න හයියක් ඇවිල්ලා... ඌ ගෙදර එන්නෙ ඌට හිතුනාමලු...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now