🌹 දහ අට වන දිගහැරුම 🌹

Start from the beginning
                                    

මොන මගුලක් කරනවද මන්දා රෝස මල ඔයා...

තේක බීලා ආයේ සාලෙට ආව යීබෝ වෙලාව බැලුවා.. ම්ම්... දහයයි විස්සයි...

නිදි ඇති...

තව බලන් ඉන්න එකේ තේරුමක් නෑ... අනවශ්‍ය දෙයක් හිතලා ශාන්ට බනින්න තරම් හිතක් නැති නිසා සාලේ ලයිට්ස් ඕෆ් කරලා යීබෝ ආවා කාමරේට...

ෆෝන් එකත් පැත්තකට විසික් කරලා දාපු යීබෝ එහෙම්ම කොට්ටෙ ඇද වියලට හේත්තු කරලා කොට්ටෙට පිට බර කරේ ලොකු හුස්මකුත් පහතට දාලා...

මන් හිතුවෙ ඔයා මට කැමතියි කියලා...

ම්ම්.. ශාන්ගෙ හැසිරීමත් එක්ක ඇත්තටම එහෙම හිතෙන්නෙ නැත්තම් ඉතින් පිස්සුනෙ... යීබෝ ලන් වෙද්දි යීබෝට දෙන ඒ බැල්ම... යීබෝ ඉබිද්දි රතු වෙන ඒ කන් දෙක... එක සිපුමක් දුන්නෙ නෑ කියලා තරහා වෙච්චි විදිය... ඉතින් මේ දේවල් ගැන හිතද්දි කොහොමද හිතන්නෙ ශාන් යීබෝට අකමැතියි කියලා.. නෑ.. යීබෝට දැනෙන්නෙම ශාන් තමන්ට කැමතියි කියලා..

අනේ මන්දා.. මට පිස්සු වගේ රෝස මල....

මන් මේ විදියට කෙනෙක්ට බැඳුනාමයි කියලා ඔයා දන්නවද... කොල්ලෙක් වෙලා මන් කෙල්ලෙක් වෙනුවෙන් මේ විදියට බැලුවෙ නෑ... ඒත් මන් අද වෙද්දී ඔයා දිහාම බලන් ඉන්න පුරුදු වෙලා.. ඔයාගෙ රස කතා අහන් ඉන්න පුරුදු වෙලා.. ම්ම්.. ඇත්තටම මෙච්චර චූටී දවසකින් මන් එහෙම ඔයාට හිතින් ලන් වෙයි කියලා මන් හිතුවෙ වත් නෑ... මන් මොකක්ද කරන්නෙ රෝස මල... මට නින්ද යන්නෙත් නෑ.. මට මහන්සියි අද...

යීබෝ තමන්ගෙ ඔලුවට උඩින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන ඔහේ මිමිණුවා.. තේරුමක් නෑ මොකක්ද වෙන්නෙ කියලා...

අහ්...

යීබෝ ගැස්සිලා ගිහින් වටපිට බැලුවෙ එයාට මොකක් හරිම සද්දයක් ඇහුන නිසා...

මොකක්ද ඒ... කවුරු හරි ගේට්ටුවට ගැහුවද...

ඇදේ වාඩි වෙලාම කල්පනා කරපු යීබෝ ඇදෙන් නැගිට්ටෙ නෑ.. හැබැයි හොදින් කන් දීගෙන උන්නා...

මොකෙක්ද මේ මල රෑ...

කියන දෙයක් නොතේරුනත් තමන්ගෙ නිවසෙ ගේට්ටුව කවුරු හරි ගලවන්න හදනවා කියලා නම් යීබෝට තේරුනා...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now