ඇඳුර වැටීගෙන එන අහස දිහා බලන් මම හිතුවෙ බඩගින්නෙ කෑ ගහන බඩට අතකුත් තියාගෙන..කඳුලු වැල් ඇස් අගින් ගලාගෙන ඇවිත් කන ගාවදි හැංගිලා යද්දි තුවාල උන මගෙ අත දිහා මට ඒ එක්කම බැලුනෙ අහම්බෙන්..ඒක හොද වෙලා.. ඇල්ෆා බීටගෙ දත් වලට තුවාල උන අත සම්පූර්ණයෙන්ම ලියෝ හොද කරල තියෙද්දි මට පුදුම හිතුනා..

කොච්චර මට ගැහුවත් , කෑ ගැහුවත් පොඩ්ඩක් හරි මන් ගැන එයා හිතලනෙ කියන එක අතේ තියන තුවාලෙ හොද උන එකෙන් ඔප්පු වෙද්දි ඇස් වලින් ගලපු කඳුලු පිහිදගෙන මම නැගිටින්න බැලුවා..

තිබහයි....

උගුර කට වේලිලා කියල දැනෙන්න ගද්දි ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව දැකල මම ඒ වතුර වලින් මගෙ තිබහ නැති කරගන්න හැදුවෙ ඉන්න බැරිම තැන..ඒත් මට යාගන්න බැරි උනා.. එහෙම්ම මගෙ කකුල් පන නැතුව ඇද ගෙන වැටෙනවත් එක්කම රූම් එකේ දොර ඇරුනා..

සපත්තුවෙ අඩිය පොළවෙ වදින සද්දෙ එන්න එන්නම මගෙ ලගට එනවා කියල දැනෙද්දි මට ආපු කෙනා කවුද කියන එක අදුන ගන්න පුළුවන් උනා එයාගෙ සුවඳින්......

කින්.....ග්.........

මගෙ වටේ ඇවිදින එයාගෙ කළු සපත්තු දෙක දිහා මම හොරෙන් බැලුවෙ නිරුවත් මගෙ කකුල් දෙක ටවල් එක අස්සටම ගුලි කරගෙන...

මගෙ උරහිස් වලින් අලල්ලා ඉන්දෙව්ව එයා දිහා බලන්න බැරි කමට බිම බලන් හිටියෙ එයා දැන් ඉන්නෙ මන් එක්ක කේන්තියෙන්ද නැද්ද කියල දන්නෙ නැති නිසා..

ඒත් එයා මම නොහිතපු විදිහට මගෙ ටවල් එක ඇගෙන් අයින් කාරල මට සුදු පාට එයාගෙ ශර්ට් එකක් ඇන්දෙව්වෙ යට සම්පූර්ණයෙන්ම නිරුවත්ව තියලා..

මට ලැජ්ජ හිතුනා..මන් හිතන්නෙ මාව ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතුම රතු වෙන්න ඇති..හැබැයි එයාට නම් ගානක් නෑ වගේ.. මම නිසා එයාගෙ හැඟීම් ඇවිස්සුන් නැති ගානට එයා මගෙ ලගින් අයින් වෙලා රූම් එකේ වෙන කොහෙටද ගියා.

යකඩ දම්වැල් සද්දයක්..මගෙ කන් දෙක ගාවින් ඇහුන හඬට මම ඔලුව උස්සල බලද්දි මන් ලග හිටන් හිටියෙ කින්ග් දම්වැලක් අරගෙන..ඒත් මොකටද යකඩ දැම්වලක්..

MY SASSY BOY ☠️🔞Donde viven las historias. Descúbrelo ahora