🌹 දා හතරවන දිගහැරුම 🌹

633 132 139
                                    

🌹 රෝ ස 🌹14

..

..

..

..

මොකද අද තමුසෙ රතුවෙලා...

ආ....

වලව්වෙ පුංචි කුමාරයා... වලව්වට අඩිය ගැහුවා විතරයි.. වෙනදට ස්කූල් එකට ගිහින් එනවට වඩා අද ලොකු වෙනසක් වලව්වෙ වැඩ බලන කුමාරිහාමිට පෙනෙද්දි සාලේට වෙලා කකුල් දෙකත් වන වන ටී වී බල බල උන්න ශූලී ශාන්ගෙ ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්න කරද්දි තමයි කල්පනා ලෝකේ ගිලිලා ගෙට ආව ශාන් ගැස්සිලා හොද සිහියට ආවේ...

එතකොට දවල් කඩේ අයියගේ ඇදේදි කඩේ අයියගෙන් ලැබුන උනුසුම් හාදුව.. ඒ උනුසුම් වැළදගැනීම ගැන හිත හිත ඇවිල්ලා ශාන් ලැජ්ජාවට රත් පැහැ ගැන්විලාද...

මගදි මන් නයි කොච්චි කෑවනෙ.. ඒකයි.. ඇයි තමුසෙට පාන්ද ඈ...

දවල් වෙච්චි දේවල් වෙන පැත්තකනෙ ඉතින්.. ඒවා වන්ග් පපාට සහා වන්ග් පුතාට අයිති දේවල්.. ඒවා මේ වලව්වට අදාල නෑනෙ.. කොහොමත් මේ ඉන්න කුන්ඩවාලී ශාන් ගැන හොයනවාට නම් ශාන්ගෙ පොඩි වත් මනාපයක් නෑ...

නෑ නෑ අද තමුසෙගෙ මොකාක් හරි වෙනසක් තියෙනවා...

ගෑනූ ඇස් කියන්නෙම හරි තියුණු දෙයක්නෙ.. ඒවට වැලි ගහනවා කියන්නෙ කරන්න අමාරු දෙයක් නෙවෙයි ගොඩාක් වෙලාවට කරන්න බැරි දෙයක්....

ඔව් අද මට කිරි පණු ගායනෙ... පස්ස කසනවා...

ඔව් ඔව් මොකා....ක් හරි ගායක් නම් හැදීගෙන එනවා වගේ නම් මටත් පේනවා.. හොදයි මන් හොයාගන්නම්කෝ....

නියපොතු වල ගල්වලා තියන කියුටෙක්ස් ටිකටත් පිඹ පිඹ ශූලී ආපස්සට යන්න හැරෙද්දි....

මගේ ගාය ගැන හොයන්නැතුව තමුසෙ තමුසෙ ගැන බලාගන්නවකෝ.. බලනවකෝ බදින්න කොල්ලෙක් වත් නෑ නෙහ් තාම... ගේ අස්සට වෙලා පාට පාට නියපොතු වල උල උල පිඹ පිඹ හිටියාම සේරම හරි.. සැක් වලව්වටම නාකී වෙන්නද ඕයී  කල්පනාව...

මොකක්ද තමුසෙ කිව්වේ ආ...

ඇයි කන් දෙකට පොට්ටයා ගහලද තමුසෙගේ... ගොබ්බී...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now