1

1.9K 42 19
                                        


"ඒ බන් අර ඩෑල් එක දිහා බලපන්කො. මෑන්ස් ට තියෙන්නෙ නිකන් කොරියන් ලුක් එකක් නෙහ්. වූෆ්.....අඩෝ ඒ අත්වල නහර"

"බලාගෙන උබගෙ හුස්ම ටික යයි."

අතේ තිබුන ෆයිල් කවරෙන්ම මෙතූගෙ ඔළුවට පාරක් ගහපු මම කට කොනින් හිනාවෙනගමන් බැලුවෙ මෙතූ කියපු බෝයි දිහා.  ඇත්තටම මම මූව කලින් දැකලා නෑනෙ. මොනවා වුනත් පොර ඩීසන්ට් පාටයි. සුදුත් නැති කළුත් නැති කොල්ලෙක්. අද ස්කූල් හවුස් වොලිබෝල් කම්පිටිශන් තිබුන දවස. මෑන්ස් හිටියෙ වොලිබෝල් ටීම් එකටම වෙන් වෙලා තියෙන යුනිෆෝම් එක ඇඳලා.  නෝ...වේ...මූ එතකොට ටීම් එකේ ඉන්න එකෙක්ද? ගෙදර ගිහින් මලයගෙන් ඇහුවනම් හරි. මොකද අපේ මලයත් ජූනිය වොලිබෝල් ටීම් එකේ ඉන්නවා. ඉතින් ඕකා නොදැන ඉන්න විදියක් නෑනෙ.

මේ දවස් වල ස්කූල් ස්පෝට් මීට් නිසා අපි හැමෝම ගොඩක් වෙලාවට හිටියෙ ග්‍රවුන්ඩ් එකේ. අදත් වොලිබෝල් මැචස් නිසා මුළු ඉස්කෝලෙම වගේ ග්‍රවුන්ඩ් එකට බැහැලා. සමහරුනම් ඉතින් මේ කාලෙ අවස්ථාවක් කරගන්නෙ කනුවකට හේත්තුවෙලා මලක් නෙලාගන්න.

"ඕයී........වාහ් මචන් අරූ සෙල්ලම් කරන විදිය බලපන්කො.......වා......"

"ඔය කටවහගනින් යකෝ..."

ශික් මේකිත් ඉතින් කවුරුහරි ඇහැට කනට පේන ලස්සන කොම්ලෙක් දැක්කොත් සෙවල පෙරන්න ගන්නවා. ළඟ ඉන්න වුන් අදාලම නෑ....සමහර විට මේ වෙද්දි මෙයා අර කොල්ලත් එක්ක හිතින් ගවු ගානක් දුර ඇවිදලා ඇති....මැරි කරලා ළමයි පහක් එක්ක මුහුදු වෙරළෙ ඇවිඳිනවද දන්නෙත් නෑ. මාත් ඉතින් ඔහොම හිතනගමන්ම බැලුවෙ අපිට ටිකක් එහාට වෙන්න හදලා තිබුන හට් එක දිහා. සරෝජා අක්කා....අපේ හවුස් කැප්ටන් ඒ වෙද්දිත් මොනවදෝ ලියන ගමන් හිටියෙ. ග්‍රවුන්ඩ් එකට එද්දි  අනුත්තර ඇවිත් සරෝජා අක්කට දෙන්න කියලා දුන්න ෆයිල් එක තාමත් මගෙ ළඟ. ඒකත් දීලා ආවනම් මටත් පාඩුවෙ මැච් එක බලන්න තිබුනා.

ඒක හිතලා තත්පරයක් ගියෙ නෑ මගෙ ඔළුවට දැනුනෙ පුදුම තරමෙ වේදනාවක්. හිස් මුදුනෙ අකුණු හත අටක් පිපුරුවා හා සමාන වේදනාවක් ඒක. "වට් ද....." වේදනාව කේන්තියකට පෙරළෙද්දි මම එහෙමම ආපස්සට හැරුනා. මෙතූ හිටියෙ බයවෙලා වගේ.

නෙතු අද්දර (On Going)Stories to obsess over. Discover now