සති දෙකක් තිස්සෙ මේ ශෝට් කවර් එක වයිරල් ගියා .. .. ෆේස්බුක් එකේද වට්සප් එකේ ද ඉන්ස්ටා එකේ ද තැනක් නොතැනක් නෑ ..

ඇමති පුතාගෙ කවර් එකක් . පුරුදු විදිහට ඌ ඉන්ස්ටා දාපු එකක් හතර අතේ ශෙයා වෙනවා . ඒකත් මාසෙකට කලින් .

ඒකෙ තියෙන්නෙත් උගෙ බෙල්ලෙන් පහල කොටසයි ගිටාර් එකයි විතරක් උනත් ඒකෙ අමුතුම vibe  එකක් තියෙනවා

මම ගෙව්න හැම දවසක ම ඒ දේවදාර සුවද බලාපොරොත්තුවෙන් මෙතන්ට .. ඒකත් මාසයක් තිස්සෙ හැම දවසකම .. දේවදාර සුවද වෙනුවට මාව හොයාගෙන ආවේ මූදේ ලුණු සුවද විතරයි ..

මන් ආයෙම ගෙදර ගියා .. හෙට අපිට එක්සෑම් පටන් ගන්න වා . පහුගිය මාසෙ මම හරියකට ඇහැ පියවපු වෙලාවක් නැති තරම් ඇත්තටම එහෙම පියව ගන්න වත් මගෙ හිතට සැනසීමක් තිබුනේ නෑ .. මොකද කාලෙක ඉදන් මාව සනසපු සුවද මටත් නොකියම අතුරු දහන් වෙලා නිසා .

"අයියේ උඹලා දෙන්නා මගෙන් මැරුම් කන්නෙ නැතුව ඇවිත් කනවද "

අහල්‍ය පහල ඉදගෙන කෑ ගහනකොට බෑග් එකත් අරගෙනම මම පහලට ආවා ..

පොඩි එකා කිරි බත් හදලා ..අපි එනකන් බලාගෙන ඉන්නවා. අයියත් මේ දවස් වල මෙහෙ අයියගෙ වෙන්ඩ වාහෙ මෙහෙ තමයි ඒ දවස් වල ඉදලම පදිංචිය ..

"කෝ ආ .. කියන්න "  අහල්‍ය කිරිබත් කට අන අන මගේ පැත්තට හැරුනත් මන් ඇස් වලින් සියෙල්ව පෙන්නුවා .

නැත්තන් ඉතින් මුලු දවසම පුප්ප පුප්ප ඉදී මට එකටම කැව්වයි කියලා . අනේ මන්දා මහා ඊරිසියාකාර මගුලක් ..

එක කිරිබත් කට කට තමයි හම්බුනේ හැබැයි .. ඊට පස්සෙ කොල්ලා කිරි බත් පැත්තකට දාලා අපිට බත් කැව්වා .. කිරිබත් කාලා ගිහින් නිදා ගනියි කියලා .

මේකා ඇවිල්ලා බකපණ්ඩිත .. මූ තමයි පහුගිය දවස් වල මායි පොඩී වැටුන වැටුන තැන පොතේ මූණ ඔබාගෙන ඉන්නකොට ඇදගෙන ඇවිල්ලා කෑම ගිල්ලන්නෙ ..

ඊට පස්සෙ අපි අයියට වැදලා කරලා එලියට බහිනකොට අහල්‍ය මල් දාපු වතුර වීදුරුවකුත් අරගෙන ඇවිත් ඒකෙනුත් බොන්න උනා .

විභාග ශාලාවේ වාඩි වෙලා මම ජනේලෙන් එලිය බලාගෙන හිටියා  .

"බල්ලො !!"  කොහෙද ලෝකෙක අතරමන් වෙල උන්න මම ගැස්සිලා මේ ලෝකෙට ආවා.

උරුමක්කාරයා Where stories live. Discover now