🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁

Start bij het begin
                                    

" කීයටද ?"

" උදේ අට වෙද්දි අපේ ගෙදරට එන්නකො..... අපේ වාහනේක යන්..... අප්පච්චීගෙ සේෆ්ටි එක බලන්නත් එපැයි.."

" හ්ම්....."

" හරිනෙ එහෙනම්.... උදේ අට වෙද්දි එන්න...සුදු එකක් ඇදගෙන එන්න.... "

නිකේත් කියද්දි මන් ඔළුව වනල ආයෙ මෙසෙ උඩ තිබ්බ පාර්සලේට ඇගිල්ලක් දික් කරද්දි නිකේත් පුටුවෙන් නැගිට්ටා....

" ඔයා කොයි වෙලේහරි අසනීප වෙනව ඔය විදියට කඩෙන් කන්න ගියොත්..... අපෙ අප්පච්චී කොහොමත් උදේට උයන එකේ ඔයාට බත් එකක් ගෙනත් දෙන එක මහ දෙයක් නෙමෙයි....."

පුටුවෙන් ලිස්සල යන්න ගිය මන් ආයෙ හරියට පුටුවෙ ඉදගෙන නිකේත් දිහා බැලුවා....

" නිකේත් ඔයා මේව කරන්නෙ ඔයාගෙ අප්පච්චී දැනුවත්වද ? ම්ම්..... සමහර වෙලාවට පරණ තුවාල පාරනවා කියන්නෙ දරාගන්න බැරි තරමේ වේදනාවක් වෙන්න පුලුවන් ....."

මන් කියද්දි නිකේත් මට ලස්සන හිනාවක් දුන්නා....

" උදේ මන් කිව්වා මට බත් දෙකක් බැදල දෙන්න කියල ..... එතකොට ඇහුවා දෙකක් කාටද මන් අද එන්න පරක්කු වෙනවද කියල ...මන් කිව්වා එකක් ඔයාට කියල ..... මුකුත් කිව්වෙ නැහැ..... මන් ලෑස්ති වෙලා එළියට එද්දි කෑම මෙසෙ උඩ ඔතපු බත් දෙකක් ලස්සනට තියල තිබුනා......යනවා....."

මට යනවා කියල නිකේත් යන්න යද්දි මන් බත් එක දිහා බලාගෙන ඉදියා.....

Crossiant එක කාපු නිසා මට බඩගින්නක් නැතත් මන් බත් එක පාර්සලෙන් එළියට අරගත්තෙ ඉහ වහා යන සුවදක් මට දැනෙද්දි..... ඉස්සර ඉදන්ම එයාගෙ කෑම හරි රසයු....එයා ආසයි කෑම උයන්න.... අදටත් පරිප්පු හොද්දයි කරවල බැදුමයි හදාගන්න මට බැහැ...... ඒත් මිරිස් තුනපහ එක්ක ගානට ගනුදෙනු කරන්න එයාට පුලුවන් ......

බත් එක මෙසෙ උඩින් තියල බත් එක ඔතල තිබුන කොරියන් පත්තරේ මන් දිගහැරියා....

කෙසෙල් කොලයක් හරි ලස්සනට නමල තියෙද්දි පුටුවෙ හරියට ඉදගත්ත මම කෙසෙල් කොලෙන් කොලේ පරිස්සමට දිගෑරල බත් එක දිහා බලාගෙන ඉදියා....

බඩගින්නක් නැතත් සුවදට බඩගිනි දැනෙනව......

සුදු බතට කැරට් කිරි දාලා වියල මාළු මිරිසට හදල...සමහර විට උදේට කලබලේට උයන නිසා ඔයිට වැඩි යමක් හදාගන්න බැරි වෙන්නත් ඇති.....

Hollow Spirit 🍁Waar verhalen tot leven komen. Ontdek het nu