🌹 දහ තුන් වන දිගහැරුම 🌹

641 131 152
                                    

🌹 රෝ ස 🌹13

..

..

..

..

ස්.... ස්... මේහ්....

ම්ම්..

අද වැඩ වැඩි දවසක්... යීබෝ උදේ කඩේ වැඩ පටන් ගත්තත් හරි මේ වෙනකල් හුස්ම වත් ගන්නෙ නැතුව වැඩ...

කොහොමත් මේ විදියට තියෙනවා සමහර දවස්... දවසෙම හිටගෙන ඉන්න වෙන හුස්මක් වත් ගන්න වෙන්නෙ නැති.. අඩුම තරමෙ දවල්ට වත් කන්න බැරි වෙන දවස් මේ කඩ කෙරුවාව අස්සෙ සෑහෙන්න තියෙනවා..

ඕක කඩකාරයෙක්ගෙ ජීවිතේ හැටි... එයාලගෙ ජීවිතේ උදේ කෑම දවල් කෑම තේ වෙලාව කියලා නිශ්චිත වෙලාවල් කවදාවත්ම නෑ...

අද රජයේ පඩි දවසක්... ඉතින් ගමේ කවුරුත් නොදන්න දෙයක් නෙවෙයිනේ හෙට ගොයම් කපන දවස කියලා.. යීබෝ කවදාවත් ගමේ ගොයම් කපන දවසට කඩේ ඇරන් උන්නෙ නෑ.. එදාට කොල්ලා හිටියෙත් කුඹුරේ..

ඉතින් හෙට දවසෙ කඩේ වහලා නිසායී.. අද දවසෙ රජයේ පඩි දවස නිසායි.. ගමේ බහුතරයක් නිවෙස් වල ගෑනූ පරාණ ටික සැමියගෙන් සල්ලි අරන් මේ ඇවිල්ලා ඉන්නෙ නිවසට අවශ්‍ය බඩු ටික අරන් යන්න...

යීබෝ ගගා මේ බිල දාන්න...

හරි හරි...

දවසෙම සැරින් සැරේ එක්කෝ මින් කෑ ගහනවා.. නැත්තම් රෑන්ග් කෑ ගහනවා... ඕවා ගෙදර ඉන්න පිරිමි පරාණ දෙකට ඇහෙන්නෙ නැතුව නෙවෙයි.. ඇහෙනවා..  හැබැයි යීබෝ ශාන්ට කඩේ පැත්ත පලාතක වත් එන්න එපා කියලා කිව්ව නිසා ශාන් වන්ග්ට එන්න දෙන්නෙත් නෑ... ශාන් කොහොමද අප්පා තනියම ගෙට වෙලා ඉන්නෙ... මොන කම්මැලි වැඩක්ද ඒ...

ඒ නිසා වන්ග් එක්ක ශාන් ඉන්නෙ කුස්සියේ... ඒ දෙන්නා අද කුස්සි අම්මලා වෙලානෙ ඉන්නෙ... උයනවා උයනවා.. ඉවරයක් නෑ.. එයාලත් නොසෑහෙන්න වැඩ අප්පා...

යීබෝ පුතා යන්නම් ඈ...

හරි නැන්දේ.. පරිස්සමෙන්..

යීබෝගේ කඩේට සෙනග පිරෙන දවසට ඉතින් හන්දියේ ඉන්න ත්‍රීවිල් කාරයොන්ගෙ කල්ල මරේ.. එදාට එවුන්ට ඉතින්  හයර් පිට හයර්නෙ... යීබෝ නිසා ඒ මිනිස්සුත් කීයක් හරි හම්බකර ගන්නවා ..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Место, где живут истории. Откройте их для себя