"මල්ලි .. අයේෂ්‍ය මාව ලිහපන් .. මල්ලි "
මන් ආයෙමත් මේ ලෝකෙට ආවෙ අයියගේ කටහඩට ..

පැත්තක පුටුවක වාඩිකරලා අත් දෙකයි කකුල් දෙකයි පුටුවට තියලා ගැටගහලා හිටිය අයියා දිහාවට ඇඉදගෙන ගියේ මම හීනෙන් වගේ ..

ලිහුවත් හරි ගැට ගහාලා තිබ්බ සතෙක්ව නිදහස් කල ගානට අයියා කකුල් පටල පටල සියෙල් ගාවට දුවලා ගියේ මන් තාමත් ඒ ලනුව අල්ලගෙන බලාගෙන ඉද්දි ..




මට මතක් උනේ ඊයේ කාමරේ දොර අරිනකොට සියෙල් කාමරේ බිම වැටිලා හිටිය විදිහ.. මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා ..

අයියව පුටුවක බැදලා දාලා ඊට ඉස්සරහා සියෙල් සිහියක් පතක් නැතුව ඇගටම කියලා බොක්සර් එකක් විතරක් එක්ක  ඔහේ වැටිලා හිටිය විදිහ මට ආයෙ ආයෙ ම මැවිලා පෙනුනා .. මුලු ඇග පුරාම රතුපාටට පාරවල් හිටලා තියෙනකොට කලුපට ලෙදර් බෙල්ට් එකක් එක අතක ගුලි කරගෙන ඉන්නවා දකිනකොට ඌට නොදැනුන වේදනාව මට දැනුනා ..

"මල්ලි වතුර එකක් ගෙනෙන් බන්.. " අයියා අඩ අඩා ම අරූව ඔඩොක්කුවට අරගෙන පපුවට තුරුල් කරගන්නකොට මම කාමරේ තිබුන වතුර බෝතලෙන් සියෙල්ගේ මූණට ටිකක් ඉස්සා..

ඌ වේදනාවටම පේන්ට් වෙලා .. ඌ ඌටම දීගෙන තියෙන වද සම්බාරය දරාගන්න බැරුව ක්ලන්තෙ දාලා ..

එහෙම නොවුනොත් තමයි පුදුමේ .. ඇග වහගෙන තිබුන රතු පාට ලේ බැහැපු බෙල්ට් පාරවල් වගේම දම්පාර වෙලා ගිය පරණ කැලලුත් දැක්කම අහක ඉන්න මටත් කලන්තෙට වගේ ආවා ..

"උබට මීට වඩා විදිහක් ඇත්තෙම නැද්ද ශ්‍රී මට රිද්දන්න "

අයියා සියෙල්ගෙ කම්මුල් දිගේ පල්ලම් බහින කදුලු පිහ පිහා මුමුණනවා  .  ඒ පිහිවට වැඩක් නෑ ..මොකද අයියගෙ කදුලු වලට තනිකර සියෙල්ගෙ කම්මුල් පෙගෙනවා මම දැක්කා ..

ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දීලා මන් කාමරෙන් එලියට ගියා.. ෆස්ට් එයිඩ් කිට් එක හොයාගෙන ඒක අයියගෙ කාමරෙන් තියලා මන් ගියෙ මේ තෙත ඇදුම් ගලවලා දාන්න ..

.
.

" බේබි මට බේබිට දෙන්න දෙයක් තියන්නවා "

උරුමක්කාරයා Where stories live. Discover now