What happened

30 9 4
                                    

Felix pov
ඔලුවට දැනුන තද හිසේකැක්කුමත් එක්ක මන් නැගිටිනකොට දැනුනෙ නුපුරුදු  බවක් . ඇස් දෙකත් පොඩිකරගෙන වටපිට බලන කොට තමා තේරුනෙ මන් ඉන්නෙ මගෙ කාමරෙ නෙමෙයි කියලා .

"දෙයියනෙ මන් මේ කොහෙද ඉන්නෙ " නිදිමතේ මුමුන මුනුන කාමරෙ පුරා ඇස් යවපු මට දකින්න හම්බ උනෙ කාමරෙ මේස උඩ තියෙන hyunjin ගෙ photo එක. ඒත් එක්කම දොර ඇරෙන සද්දයක් ආව නිසා මන් ඒ දිහා බැලුවා .

" ඔයා නැගිට්ටද " hyunjin එහෙම කියන් ඇද ගාවට ආවා.

" අහ් " මාත් ඔලුවත් අල්ලන් ඇදෙ ඉදගත්තා.

" මන් කොහොමද මෙහාට  ආවෙ " මන් එයා දිහා බලන් අහද්දි එයා කිසිම උත්තරයක් නොදී මන් දිහා බලන් හිටියා.

" hyunjin " මන් ආයෙ කතා කරා .

" අහ් . ඊයෙ ඔයා හොදටම බිව්වා . ඒ නිසා ඔයාව ඔයාගෙ ගෙදර ඇරන් යන්න විදිහක් තිබ්බෙ නෑ . මන් aunty ට කෝල් කරලා කිව්වා ඔයා අද අපෙ ගෙදර ඉන්නෙ කියලා . ඒ නිසා බය වෙන්න එපා."

එයා මගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් කිව්වා .

" අනෙ මන් ගොඩක් බිව්වද . සමාවෙන්න මට මොකුත් මතක නෑනෙ . මන් මොකුත් අවුලක් ඇති කරෙ නෑ නේද "
මන් එහෙම කියද්දි hyunjin මන් දිහා පුදුමෙන් වගෙ බලන් හිටියා . එයා බලන් ඉන්න විදිහට නම් මට හිතුනෙ මන් මොකක් හරි ගොන් වැඩක් කරලම තමා කියලා.

" නෑ මොකුත් උන්නැ. ඔයා බිව්වයින් පස්සෙ ඔයාට නින්ද ගියා . ඊටපස්සෙ මන් ඔයාව ගෙදර ගෙනාවා . එච්චරයි ." එහෙම කියලා එයා ඇදෙන් නැගිටලා දොර දිහාවට ඇවිද ගෙන ගියා .

එයා අද හරි අමුතුයි .

" ලෑස්ති වෙලා එන්න මන් පල්ලෙහා ඉන්නම් "

"ම්ම්ම් "

ඊයෙ රෑ මොකුත් උන්නැත්තම් ඇයි hyunjin අමුතු විදිහට හැසිරෙන්නෙ . ඇයි මට මොකුත් මතක නැත්තෙ . එහෙම්මම කල්පනා කර කර මන් ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා .

පල්ලෙහාට යනකොට hyunjin ගෙ ඔම්මා කෑම මේසෙට කෑම අරින ගමන් හිටියෙ. ඒත් මට hyunjin ව නම් දැක ගන්න හම්බුන්නෑ .

" good morning මගෙ කොල්ලො "

" good morning aunty "

" ඇවිත් කන්න . කලා ඉවර වෙලා මේ බෙහෙත් ටික බොන්න එතකොට ඔය ඔලුව රිදෙන එක අඩුවෙයි. " aunty බෙහෙත් ටික මගෙ අතට දෙන ගමන් හිනා වෙලා කිව්වා. ඒත් එක්කම එතන්ට ආවෙ hyunjin .

මන් කාලා ඉවර උනන් පස්සෙ ගෙදර යන්න ලෑස්ති උනා .

" මන් යන්නම් hyunjin " මන් එහම කියලා යන්න අනිත් පැත්ත හැරෙනවත් එක්කම . Hyunjin මගෙ අතින් අල්ලන් නතර කරා .

" felix . අමතක උන දේවල් මතක් කරන්න මහන්සි වෙන්න එපා " මන් බලන් හිටියෙ පුදුම වෙලා . මොකක්ද ඒ කිව්වෙ .

" hyunjin මොකක් ගැන-"

" ඊයෙ රෑ ගැන . ඒ ගැන අමතක කරන්න. ආයෙ මතක් කරන්න උත්සහ කරන්න එපා "

" ඒත්-"

" දැන් යන්න . මතක් කරලා බෙහෙත් ටික බොන්න . ගෙදර ගිහින් පොඩ්ඩක් rest කරන්න.". එහෙම කියලා මන් මොකුත්  කියන්නත් කලින් එයා යන්න ගියා .

මන් ගෙදර ඇවිත් කල්පනා කරෙ මොනවද ඒ කිව්වෙ කියලා . ඇත්තටම ඊයෙ රෑ මොකද උනෙ . එයා මතක් කරන්න එපා කිව්වත් මගෙ ඔලුවෙ වැඩ කරේ මොකක්ද ඊයෙ රෑ උනෙ කියන එක !

 එයා මතක් කරන්න එපා කිව්වත් මගෙ ඔලුවෙ වැඩ කරේ මොකක්ද ඊයෙ රෑ උනෙ කියන එක !

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

>>>

Our Happy Ending حيث تعيش القصص. اكتشف الآن